April, 24, 2026
එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය හෙවත් නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද (24) දිනයේ දී රු. 317.17ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව වාර්තා වේ.
මෙලෙස ඩොලරයේ මධ්‍ය අගය රු. 317 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 31 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය.
මේ අතර එම දිනෙන් පසු පළමු වතාවට ඩොලරයේ විකුණුම් මිල රු. 321 සීමාව ඊයේ (23) දින ඉක්මවා ගොස් තිබුණු අතර ගැනුම් මිල 2024 ජනවාරි 24 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දී රු. 314 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
ඒ අනුව අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 314.03 ක් හා විකුණුම් මිල රු. 321.87ක් ලෙසින් සටහන්ව ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 වසරේ අප්‍රේල් 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 1.8%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Video Story