April, 27, 2026
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් යළිත් වතාවක් වාර්තාගත ලෙස ඉහළ යාමට පටන් ගෙන තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (27) මධ්‍යහ්නය වන විට ගෝලීය වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 107 සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 96 මට්ටම පසු කර තිබුණි.
මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් සමථයකට එළඹෙනු පිණිස ඇමරිකාව සහ ඉරානය අතර පාකිස්තානයේ දී ඇරඹි සාම සාකච්ඡා මේ වන විට ඇණහිටීම හේතුවෙන් හෝමූස් සමුද්‍රසන්ධිය හරහා නාවුක ගමනාගමනය නැවත වරක් සීමාසහිත වීමත් සමගම ගෝලීය ඉන්ධන සැපයුම බාධාකාරී වීම හමුවේ මෙලෙස ඉන්ධන මිල යළිත් වරක් ඉහළ යාමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.
Video Story