April, 28, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන ජනශක්ති ලිමිටඩ් (JXG)හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට (29) ආරම්භ වීමට නියමිතය.
මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) හරහා කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසෙන ජනශක්ති ලිමිටඩ්, මූලික මහජන කොටස් නිකුතුවේ දී කොටස් මිලියන 500ක් එකක් රු. 10 බැගින් නිකුත් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව මූලික මහජන කොටස් නිකුතුව හරහා රු. බිලියන 5ක අරමුදලක් සම්පාදනය කර ගැනීමට ජනශක්ති ලිමිටඩ් සමත් වූ අතර නිකුතුව විවෘත කළ පළමු දිනයේ දීම, පැවති අධිදායකත්වය හේතුවෙන් එය වසා දැමීමට කටයුතු කෙරිණි. පසුව සමාගම අනාවරණය කළේ නිකුත් කිරීමට සැලසුම් කළ කොටස් ප්රමාණය මෙන් තුන් ගුණයක අයදුම්පත් ප්රමාණයක් ඒ වෙනුවෙන් ලැබී තිබුණු බවයි.
ජනශක්ති ලයිෆ්, ෆස්ට් කැපිටල් සහ ජනශක්ති ෆිනෑන්ස්, ජනශක්ති ලිමිටඩ් හි ප්රධානතම අනුබද්ධිත සමාගම් වේ.
Video Story