April, 30, 2026
ශ්‍රී ලාංකීය අනන්‍යතාවය ලොවට ගෙන ගිය හෙළකුරු SuperApp එක හරහා හඳුන්වා දුන් හෙළPay ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය, ඉතා කෙටි කලක් තුළ රුපියල් බිලියන 5 ක මුළු ගනුදෙනු වටිනාකම පසු කරමින් මෙරට මූල්‍ය තාක්ෂණ (FinTech) ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.
2021 වසරේ හඳුන්වාදුන් හෙළPay රුපියල් බිලියනයේ කඩඉම පසු කිරීමට වසර දෙකක් වැනි කාලයක් ගත වූව ද, අද වන විට එම ප්‍රමාණය මෙන් පස් ගුණයක වර්ධනයක් පෙන්වීම තුළින් පිළිඹිබු වන්නේ මෙරට ජනතාව තුළ ඩිජිටල් ගෙවීම් සහ හෙළPay සන්නාමය කෙරෙහි ඇති ඉහළ විශ්වාසයයි.
පසුගියදා පැවැත්වුණු LankaPay Technovation Awards 2026 සම්මාන උළෙලේදී "ශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් රාජ්‍ය ගෙවීම් බලගන්වන්නා" (Best Digital Government Payments Enabler) ලෙස රන් සම්මානයෙන් (Gold Award) පිදුම් ලැබීමෙන් ද හෙළPay ඇගයීමට ලක්විය,
ගිය වසරේ පැවැති LankaPay Technovation Awards 2025 සම්මාන උළෙලේදී ද ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් සේවාව ලෙසත්, එදිනෙදා ගෙවීම් සඳහා වූ හොඳම ජංගම දුරකථන යෙදුම ලෙසින් රන් සම්මාන දෙකක් දිනාගැනීමට හෙළPay සමත් විය.
මෙම අඛණ්ඩ ඇගයීම් මගින් තහවුරු වන්නේ හෙළPay යනු හුදෙක් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් පමණක් නොව, ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනූ ප්‍රමුඛතම තාක්ෂණික සේවාවක් බවයි.
හෙළPay මෙතරම් ඉක්මනින් ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රචලිත වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූ කරුණු කිහිපයක්ම තිබෙන අතර, සම්පූර්ණ මගපෙන්වීම් සිංහල භාෂාවෙන්ම ලැබෙන බැවින් ඕනෑම පුද්ගලයෙකුට භාවිතා කිරීමට පහසු වීම, පොලිස් දඩ මුදල් ඇතුළු විවිධ රාජ්‍ය ගෙවීම් ඉතාමත් ආරක්ෂිතව සහ සරලව සිදු කිරීමට ඇති හැකියාව, Fingerprint සහ Face ID වැනි ජෛව මිතික දත්ත හරහා 100% ක ආරක්ෂාවක් තහවුරු කිරීම සහ ඕනෑම වෙළඳසැලක ඇති LankaQR කේතයක් scan කර ගෙවීම් කිරීමට ඇති හැකියාව එම හේතු අතර වෙයි.
හෙළPay සේවාව මෙතරම් සාර්ථකත්වයට පත්වීම පිටුපස ඇත්තේ මිලියන 5 කට අධික වූ හෙළකුරු පරිශීලයින් තැබූ නොබිඳන විශ්වාසයයි.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් හෙළකුරු සහ හෙළPay නිර්මාතෘ ධනික පෙරේරා මහතා මෙසේ පැවසීය:
“රුපියල් බිලියන 5 ක සීමාව පසුකිරීම යනු හුදෙක් සංඛ්‍යාවක් නෙවෙයි, එය අපේ පරිශීලකයින් අප කෙරෙහි තබා ඇති විශ්වාසය. හෙළකුරු හරහා අපේ රටේ මිනිසුන්ගේ ජීවිත ඩිජිටල් තාක්ෂණයෙන් පහසු කරන්න අපි නිරන්තරයෙන් වෙහෙසෙනවා. හෙළPay සමඟින් ඉදිරියටත් තවත් නව්‍ය අත්දැකීම් රාශියක් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්."
දිනෙන් දින ශ්‍රී ලාංකීය ඩිජිටල් ගෙවීම් නව්‍යකරණය කරමින් ඉදිරියට යන හෙළPay, තවත් විප්ලවීය වෙනස්කම් සහ සේවාවන් රැසක් හඳුන්වා දීමට සූදානමින් ඇත.
එබැවින් ඩිජිටල් ගනුදෙනු ලෝකයේ, ශ්‍රී ලංකාවේ සරලම සහ පහසුම අත්දැකීම විඳගන්න හෙළPay සමඟ එක්වන්නට හෙළකුරු සහ හෙළPay කණ්ඩායම ඔබට ද ඇරයුම් කර සිටියි.
Video Story