ශ්‍රී ලංකාවේ බලයලත් BMW ආනයනකරු ලෙස Mels Automobiles පත්වෙයි

    May, 4, 2026

    BMWමෝටර් රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් ආනයනකරු සහ බෙදාහරින්නා වශයෙන් මෙරට ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන මෙල්ස්ටාකෝප් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත Mels Automobiles (Private) Limited, පත් කර ඇති බව නිවේදනය කර සිටී.

    මෙම නව පත්වීමත් සමගම ශ්‍රී ලංකාවට නවතම BMWමෝටර් රථ ආනයනය, විකිණීම හා බෙදාහැරීම සඳහා Mels Automobiles (Private) Limited වගකීමට බැඳෙනු ඇත. මීට අමතරව අව්‍යාජ BMW අමතර කොටස් ශ්‍රී ලංකාව තුළ සැපයීම, BMW අලෙවියෙන් පසු සේවා සහ ගෝලීය BMW ප්‍රමීතීන් යටතේ සේවා පහසුකම් (service operations) සැපයීම Mels Automobiles (Private) Limited විසින් සිදුකරනු ඇත.

    ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී කර්මාන්තය තුළ ස්ථාපිත වීමේ උපක්‍රමික පියවරක් ලෙසින් මෙල්ස්ටාකෝප් පීඑල්සී මෙම මුලපිරීමට පිවිස තිබේ.