දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් රට යළි ගොඩනැඟීමත්, ජන ජීවිත යථා තත්ත්වයට ගෙන ඒමත් වෙනුවෙන් ආරම්භ කරන ලද Rebuilding Sri Lanka අරමුදලට Sri Lanka Logistics & Freight Forwarders Association වෙතින් රුපියල් ලක්ෂ 32ක මුදලක් පරිත්‍යාග කෙරිණි.
ඊට අදාළ චෙක්පත Sri Lanka Logistics & Freight forwarders Associationහි සභාපති Andre Fernando මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (06) පස්වරුවේ භාරදෙන ලදී.
මෙම අවස්ථාවට Sri Lanka Logistics & Freight forwarders Association වෙනුවෙන් එහි ලේකම් රියර් අද්මිරාල් රාජප්රිය සේරසිංහ සහ භාණ්ඩාගාරික ප්‍රියාන් සීල්මන් යන මහත්වරුද එක්ව සිටියහ.