May, 7, 2026
එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය 2024 ජනවාරි 23 දිනෙන් පසු ප්‍රථම වතාවට අද (07) දිනයේ දී රු. 320 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද දින ඩොලරයේ මධ්‍ය අගය රු. 320.45ක් ලෙසින් සටහන්ව ඇත.
මේ අතර අද දින ඩොලරයේ ගැනුම් මිල රු. 317.26ක් සහ විකුණුම් මිල රු. 324.87ක් ලෙසින් වාර්තා වේ.
මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු. 317 සීමාව අද දින ඉක්මවා ගොස් තිබුණේ 2024 ජනවාරි 16 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය. 2024 ජනවාරි 24 දිනෙන් පසු පළමු වරට ඊයේ දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල රු. 324 සීමාව පසු කර තිබුණි.
මේ අතර ශ්‍රී ලංක මහ බැංකුව පවසන්නේ 2026 අප්‍රේල් 30 දක්වා කාලසීමව තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බවයි.
Video Story