May, 8, 2026
SDB බැංකුව සිය සේවක මණ්ඩලයේ සුවිශේෂී දක්ෂතා සහ කැපවීම ඇගයීම වෙනුවෙන් සංවිධානය කළ '2025 ව්‍යාපාරික සම්මාන උළෙල' පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී. "වර්ධනය සහ පරිවර්තනයන් උදෙසා ශක්තියක් වූවන් ඇගයීම" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උළෙල, ආයතනයේ සාර්ථකත්වය උදෙසා සේවකයින් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය ඇගයීමටත්, දිරිමත් සේවා පරිසරයක් පවත්වා ගැනීමටත් බැංකුව දක්වන කැපවීම මැනවින් නිරූපණය කළේය.
පසුගිය වසරේ පෙන්නුම් කළ සුවිශේෂී දක්ෂතා සැලකිල්ලට ගනිමින්, ආණමඩුව ශාඛාව, සිය ශාඛා ජාලයෙහි විශිෂ්ටතම ශාඛාව ලෙස සම්මානයට පාත්‍ර විය. මීට අමතරව, උතුරු මැද කලාපය විශිෂ්ටතම කලාපය ලෙසත්, ඌව කලාපය සහ මෙට්‍රෝ 1 කලාපය පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන දිනා ගැනීමටත් සමත් විය. සම්මාන රාත්රියේදී විවිධ කාණ්ඩ 35කට අධික සංඛ්‍යාවකින් ජයග්‍රාහකයින් තේරී පත් වූ අතර, බැංකුවේ ප්‍රධාන කාර්යයන් සඳහා සහය දක්වන දෙපාර්තමේන්තු සඳහා ද විශේෂ ඇගයීම් සම්මාන පිරිනමන ලදී.
මෙලෙස සංවිධානය වන වාර්ෂික ව්‍යාපාරික සම්මාන උළෙල SDB බැංකුවේ ප්‍රධානතම වැඩසටහන් අතුරින් එකක් බවට පත්ව ඇති අතර, එය බැංකුවේ දක්ෂතම සේවකයින් ඇගයීමට ලක් කරන සුවිශේෂී අවස්ථාවකි. මෙමගින් සේවකයින් සවිබල ගැන්වීම, නවෝත්පාදන සංස්කෘතියක් ගොඩනැගීම සහ අඛණ්ඩ විශිෂ්ටත්වය කරා ඔවුන්ව දිරිමත් කිරීම අපේක්ෂා කෙරේ.
SDB බැංකුවේ විධායක අධ්යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පැවසීය: "අපේ සේවක මණ්ඩලය තමයි SDB බැංකුවේ සැබෑ ශක්තිය. ඔවුන්ගේ කැපවීම සහ දක්ෂතාවය නිසාම අපට අපගේ ඉලක්ක සපුරා ගනිමින් ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම සම්මාන උළෙල ඔවුන්ගේ සාර්ථකත්වය සමරන සහ අගය කරන සුවිශේෂී අවස්ථාවක්. මුළු බැංකුවම නොඉවසිල්ලෙන් බලා සිටින උත්සවයක් ලෙස මෙය ඉදිරියටත් පවත්වාගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා.
'ඔබව වටින SDB බැංකුව' යන තේමාවට අනුකූලව, මෙම සම්මාන උළෙල මගින් සේවක සුබසාධනය සහ සංවර්ධනය කෙරෙහි බැංකුව දක්වන ඉහළ සැලකිල්ල යලිත් තහවුරු විය. මෙවැනි වැඩසටහන් හරහා විශිෂ්ටත්වය අගය කරන සේවා ස්ථානයක් නිර්මාණය කිරීමටත්, සේවකයින් තුළ ආයතනික අභිමානය වර්ධනය කිරීමටත් SDB බැංකුව නිරන්තරයෙන් කටයුතු කරයි.
Video Story