කොට්ටාව නගරයට මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක්

    May, 12, 2026

    කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම නගර සභා සීමාවේ හයිලෙවල් ප්‍රධාන මාර්ගයට මුහුණ ලා කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි, ප්‍රමාණයෙන් අක්කර 01 රූඩ් 01 පර්චස් 19.40 යුක්ත ඉඩම් කොටස රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නිදහස් දීමනාවක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ඇත.

    නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් වඩාත් සුදුසු සංවර්ධන කටයුතු සඳහා නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් එකී ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමට නිර්දේශ කරනු ලැබ තිබේ.

    ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස වසර 99ක කාලසීමාවකට දිගුකාලීන බදු පදනම මත එකී ඉඩම සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුකූලව ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.