May, 25, 2026
ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී පසුගිය දා උපායමාර්ගික හවුල්කාරිත්වයකට පිවිසෙමින් අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබන ලදී. මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය මෙන්ම විශ්වාසනීය ආයතන ද්විත්වයක් අතර සහයෝගීතාව සවිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ රෝද හතරේ වාහන අලෙවි අංශය වන ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (DPA) විසින් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලබන GWM සහ BAIC වාහන මාදිලි ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වේ. මෙමගින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් සතු ප්රමුඛ පෙළේ වාහන සහ පීපල්ස් ලීසිං සමාගම සතු මූල්‍ය සේවා ක්ෂේත්රයේ පුළුල් පළපුරුද්ද ඒකබද්ධ කරනු ලබන අතර ඒ ඔස්සේ දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ඉහළ වටිනාකමක්, පහසු ප්‍රවේශයක් සහ කාර්යක්ෂම සේවාවක් පිරිනමනු ලැබේ.
මෝටර් රථ ක්ෂේත්රය, මූල්‍ය සේවා, ලොජිස්ටික්ස්, රේසිං සහ ලෙෂර්, තොරතුරු තාක්ෂණ, පුනර්ජනනීය බලශක්ති, නාවික සහ සමුද්‍රීය සේවා, ආයෝජන දේපළ සහ දේපළ වෙළෙඳාම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර රැසක් පුරා සාර්ථක ලෙස ව්‍යාප්ත වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික සමූහයක් ලෙස ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය හැඳින්විය හැකිය. බජාජ්, KTM, GWM සහ BAIC වැනි ගෝලීය වශයෙන් පිළිගත් සන්නාමයන් රැසක නියෝජිතයන් ලෙස මෙම සමූහය කටයුතු කරන අතර පර්ල් බේ සහ ශ්‍රී ලංකා කාර්ටින් ධාවන පථය වැනි සුප්‍රකට ව්‍යාපාරයන් ද මේ යටතේ මෙහෙයවනු ලැබේ. මීට අමතරව මෙම සමූහ ව්‍යාපාරය විසින් සිංගප්පූරුව, මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියාව පුරා සිය ජාත්‍යන්තර ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි.
එලෙසම, පුළුල් පාරිභෝගික පදනමක් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලයක් සහිත පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ද ලීසිං, ණය සහ අනෙකුත් මූල්‍ය විසඳුම් රැසක් පිරිනමමින් ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්රයේ විශ්වාසනීය සහ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සිය ස්ථාවරවය ගොඩනංවා ගෙන තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා විමසීම සඳහා ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් 0114 700678 (BAIC) හෝ 0117 888 666 (GWM) මෙන්ම පීපල්ස් ලීසිං 0112 631 631 දුරකථන අංක ඔස්සේ සම්බන්ධ විය හැකිය.
