ලීසිං පහසුකම් තුලින් කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට HNB සහ Singer අත්වැල් බැඳගනී

    May, 28, 2026

    හැටන් නැෂනල් බැංකුව සහ සිංගර් ශ්‍රී ලංකා සමාගම කෘෂිකර්මාන්තයේ වර්ධනයට අවශ්‍ය John Deere ට්‍රැක්ටර් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ගොවි ජනතාව වෙත ලබා දීම අරමුණු කරගනිමින් පසුගියදා උපාය මාර්ගික හවුල්කාරීත්වයකට එළැඹෙන ලදී.

    මෙම හවුල්කාරීත්වය යටතේ සිංගර් සමාගම විසින් අලෙවි කරනු ලබන John Deere ට්‍රැක්ටර් සඳහා සහනදායී ලීසිං පහසුකම් සහ අමතර ප්‍රතිලාභ රැසක් ලබාදීමට HNB Leasing කටයුතු කරයි. ඒ හරහා තිරසාර වර්ධනයක් සමඟින් කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීමට ඔවුන් බලාපොරොත්තු වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB හි ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා සදහන් කර සිටියේ “HNB අපි හැමවිටම උත්සාහ කරන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ශක්තියක් විය හැකි සාර්ථක මූල්‍ය විසඳුම් ලබාදීමටයි. මෙම නව හවුල්කාරිත්වය හරහා ගොවි ජනතාවට සහ කෘෂි ව්‍යවසායකයින්ට ට්‍රැක්ටර් මිලදී ගැනීම සඳහා පහසු ලීසිං පහසුකම් රැසක් හිමිවෙනවා. අපගේ අරමුණ වන්නේ සාම්ප්‍රදායික කෘෂිකර්මය නවීන තාක්ෂණය සමඟ එක් කරමින්, ගොවි ජනතාවගේ කාර්යක්ෂමතාවය සහ ආදායම වර්ධනය කර ඔවුන්ට අඛණ්ඩ තිරසාර දියුණුවක් ළඟා කර දීමටයි.” යනුවෙනි.

    තවද මෙම හවුල්කාරීත්වය යටතේ, HNB Leasing පාරිභෝගිකයින් වෙනුවෙන්ම ඉතා සහනදායී පොලී අනුපාත යටතේ පහසු ගෙවීමේ ලීසිං ක්‍රමවේදයන් ලබාදීමට HNB කටයුතු කරනු ඇත. එමෙන්ම, පළමු වසරේ වාර්ෂික ගාස්තු සම්පූර්ණයෙන්ම නිදහස් කරන ලද අමතර වටිනාකම් සහිත ක්‍රෙඩිට් කාඩ්පතක් ද මෙහිදී පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි. මීට අමතරව, HNB General Insurance වෙතින් ආකර්ෂණීය වට්ටම් සහිත වාහන රක්ෂණ පහසුකම් සහ ‘ගොවි සවිය‘ යටතේ සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ද ලබාගැනීමට ද මෙහිදී පාරිභෝගිකයන්ට අවස්ථාව සැලසේ.

    මෙහිදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා “ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික දියුණුව වෙනුවෙන් මූල්‍යමය ශක්තිය සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය එකට එකතු කරන මෙම හවුල්කාරිත්වය පිළිබඳව අප HNB හට ස්තූතිය පුද කර සිටිනවා. විශ්වසනීය John Deere යන්ත්‍රෝපකරණ සහ අපගේ පුළුල් සේවා සහාය එකට එක් කිරීම තුලින් ගොවීන්ගේ සහ කෘෂි ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවිය හැකි විසඳුම් ලබා දීමටත් ඒ හරහා ඔවුන්ගේ ජීවිත ශක්තිමත් කිරීමටත් අපි බලාපොරොත්තු වනවා.” යනුවෙන් පැවසීය.

    Video Story

    Stock Market

    Exchange Rates