Samsung අඛණ්ඩව වසර 7ක් පුරා Gaming Monitor කාණ්ඩයේ වැඩිපුරම අලෙවි වන ලොව අංක 1 සන්නාමය බවට පත් වෙයි

    June, 2, 2026

    අද වන විට ලොව බොහෝ දෙනා අතර  වීඩියෝ ක්‍රීඩා (Video Games) ඉතා ජනප්‍රිය අංගයක් බවට පත්ව ඇත. එම ජනප්‍රියතාවය තුළ වීඩියෝ ක්‍රීඩාවන්හි නියුතු ක්‍රීඩකයින්ගේ ඉමහත් ආකර්ෂණයක් දිනා ගැනීමට Samsung සමත්ව ඇත්තේ අඛණ්ඩව 7 වැනි වසරටත් ලොව වැඩියෙන්ම අලෙවි වන gaming monitor සන්නාමය බවට පත් වෙමිනි. ඊට හේතු වී ඇත්තේ එහි ඇති සුවිශේෂී කාර්යක්ෂමතාව හා නවීන තාක්ෂණයයි.

    International Data Corporation හි නවතම දත්තයන්ට අනුව 2025 වසරේදී ලොව පුරා අලෙවි වී ඇති gaming monitor හි සමස්ත ආදායමෙන් 18.9%ක් Samsung සමාගම සතු වී ඇත. ඒ සමඟ 2019 වසරේ සිට ලොව වැඩියෙන්ම අලෙවි වූ gaming monitor වාර්තාව තව දුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට Samsung සමාගමට හැකි වී තිබේ.

    මෙතෙක් අත්කරගෙන ඇති සාර්ථකත්වය තව දුරටත් ඉදිරියට ගෙන යමින් Samsung සමාගම අඛණ්ඩව තෙවැනි වසරටත් උසස්ම තාක්ෂණයෙන් යුත් OLED gaming monitor කාණ්ඩයේ පෙරමුණ ගෙන තිබීමද විශේෂත්වයකි. ඔවුන් එම වෙළෙඳපොලෙන් 26%ක සුවිසල් කොටසක් හිමි කර ගෙන ඇත්තේ නව්‍ය තාක්ෂණයේ විශිෂ්ටත්වය පරිශීලකයින් වෙත සමීප කරමිනි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Samsung සමාගමේ Visual Display Business අංශයේ විධායක උප සභාපති Hun Lee මහතා සඳහන් කර සිටියේ “ලොව අංක 1 සන්නාමය ලෙස නව්‍යකරණය තුලින් අඛණ්ඩව පෙරමුණ ගෙන කටයුතු කිරීම අපගේ අරමුණ වී තිබෙනවා. Game studio සමඟ වන ශක්තිමත් සබඳතා සහ අපගේ නව්‍යකරණ මඟ පෙන්වීම තුලින් සුපැහැදිලි තාක්ෂණ සැලසුම් පිළිබඳව අපගේ නිරන්තර අවධානය යොමු තිබෙනවා. එසේම වැඩි ප්‍රමාණයක් සහ විවිධ උපාංග සමඟ වැඩ කළ හැකි මොනිටර නිෂ්පාදනය කිරීම තුලින් gaming හි නිරත වන්නන්ට අවහ්‍යම මොහොතේ අපගේ උපරිම දායකත්වය ලබා දීමට අපි බලාපොරොත්තු වනවා” යනුවෙනි.

    ී්පිමබට සමාගම සතු එක් ප්‍රධාන හවුල්කාරීවයක් ලෙස වීඩියෝ  gaming හි විශිෂ්ටයකු වන T1 කණ්ඩායමේ Lee 'Faker' Sang-hyeok සමඟ වන සබඳතාව සඳහන් කළ හැකිය. ඔහු පවසන්නේ වීඩියෝ gaming හිදී සිදු වන ඉතා කුඩා වෙනසක් පවා විශාල බලපෑමක් ඇති කිරීමට හේතු වන බවයි. අඛණ්ඩව වසර 7ක් පළමු ස්ථානයේ රැඳී සිටීම තුලින් බොහෝ ක්‍රීඩකයින් තමන්ගේ gaming සඳහා විශේෂත්වයක් ලෙස Samsung තෝරා ගෙන ඇති බව දක්නට ලැබෙන බවත් ඉදිරියේදී Samsung හි නව්‍ය තාක්ෂණය අත්විඳීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔහු පවසයි.

    2026 වසරේ පැවති Game Developers Conference හිදී සිය නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් නවතම Odyssey gaming monitor නිෂ්පාදන පෙල හඳුන්වා දීමට කටයුතු කරන ලදී. gaming හි සාමාන්‍ය වැඩි දියුණු කිරීමටකට එහා ගිය මෙම නවතම නිෂ්පාදන පෙල වීඩියෝ game ලෝකයේ හෙට දවස වෙනුවෙන් වූ සුවිසල් පියවරක් විය.

    Samsung හි තවත් ප්‍රමුඛතම නිෂ්පාදනයක් ලෙස අඟල් 27ක ප්‍රමාණයෙන් යුත් Odyssey 3D (G90XF) මොනිටරය පෙන්වා දිය හැකිය. විශේෂ 3D කණ්ණාඩි රහිතව උසස්ම තත්වයේ eye-tracking තාක්ෂණයෙන් සවිබල ගැන්වී ඇති මෙම මොනිටරය තුලින් 3D දර්ශන ඉතා ස්වාභාවික ලෙස දැක ගැනීමට හැකිවීම විශේෂත්වයකි.  තිරය ඇතුළත ඇති දේ අල්ලා ගැනීමට හැකි ආකාරයේ හැඟීමක් පරිශීලකයින් වෙත ගෙන එන මෙම සුවිශේෂී නිෂ්පාදනය සඳහා උපකාරී වන Odyssey 3D Hub මෘදුකාංගය හරහා සිය වීඩියෝ ක්‍රීඩා ප්‍රමාණය 120කට වඩා වැඩි ප්‍රමාණයක් බවට පත් කිරීමටද Samsung සැලසුම් කර ඇත. නුදුරේදීම නිකුත් වීමට නියමිත Hell is Us සහ Cronos: The New Dawn වැනි නවතම game ද ඊට ඇතුළත් වේ.

    තිරය මත සුපැහැදිලි රූප රාමු දැක ගැනීමට කැමති gaming හි නිරත ක්‍රීඩකයින් වෙනුවෙන්ම නිෂ්පාදනය කර ඇති අඟල් 32 Odyssey OLED G8 (G80SH) ද මෙහි තවත් විශේෂ නිෂ්පාදනයකි. තාක්ෂණය තුලින් ලබා දෙන සුපැහැදිලි දර්ශන මෙන්ම ඉතා වේගවත් 240Hz ක නැවත බල ගැන්වීමේ අනුපාතය හේතුවෙන් එය පරිශීලකයින්ට නවතම අත්දැකීමක් එක් කරන අතර මෙහි ඇති OLED Safeguard+ විශේෂ ආරක්ෂිත තාක්ෂණය හේතුවෙන් කිසිඳු සැකයකින් තොරව ඉතා පැහැදිලි වර්ණ හා අඳුරු වර්ණ යොදා ගනිමින් gaming හි නිරත වීමට හැකියාව උදා වේ.

    සිය විශිෂ්ටත්වය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ලොව පළමු වරට අඟල් 32 Odyssey G8 (G80HS)" 6K gaming monitor හඳුන්වා දීමටද Samsung කටයුතු කර ඇත. සාමාන්‍ය නැවත බල ගැන්වීමේ අනුපාතය 165Hz ක් වන මෙහි වේගවත් gaming සඳහා 3K තත්වයෙන් 330Hz දක්වා වේගය වැඩි කර ගත හැකි Dual Mode තාක්ෂණය අන්තර්ගත වීමද විශේෂත්වයකි. එසේම මෙහි ඇති VESA සහතික ලත් අති නවීන DisplayPort 2.1 පද්ධතිය හේතුවෙන් පරිශීලනය කිරීමේදී ඉහළ වේගයක් රඳවා ගැනීමටද හැකියාව උදා වනු ඇත.

    තවද ලොව පළමු වරට 1,040Hz පමණ වූ සුවිසල් නැවත බල ගැන්වීමේ වේගයක් සහිතව නිපදවා ඇති අඟල් 27 Odyssey G6 (G60H) මොනිටරය වේගය පිළිබඳ සැලකීමේදී නවතම වාර්තාවකට හිමිකම් කියනු ලබයි. ඉතා සියුම් සහ නිවැරදි චලනයන් අවශ්‍ය වෘත්තීය gaming ක්‍රීඩකයින් වෙනුවෙන් මෙය විශේෂයෙන් නිර්මාණය කොට තිබේ.

    සිය නිෂ්පාදන අලෙවියෙන් පමණක් නොව මිනිසුන් gaming අත්විඳින ආකාරය පරිවර්තනය කිරීම වෙනුවෙන්ද පෙරමුණ ගෙන සිටින Samsung සිය නවීන තාක්ෂණය තුලින් අසමසම හා ආකර්ෂණීය අත්දැකීමක් පරිශීලකයින් වෙත ලබා දීමට කටයුතු කරමින් සිටියි.

    ජනප්‍රිය ක්‍රීඩාවක් ලෙස දිනෙන් දින වෙනස් වෙමින් පවතින gaming  කලාව සමඟින් ලොව ප්‍රමුඛතම තාක්ෂණය ශ්‍රී ලාංකේය gaming ක්‍රීඩකයින් වෙත හඳුන්වා දීමට Samsung Sri Lanka කටයුතු කර ඇත. ඒ තුලින් ශ්‍රී ලාංකිකයින්ටද තමන් මීට පෙර අත්නොවිඳි නවීන තාක්ෂණය සමඟින් සුපැහැදිලි, වේගවත් හා සැබෑ  gaming අත්දැකීමක් ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබයි.