June, 3, 2026
දකුණු ආසියානු විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පෙරළිකාර සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉන්දීය සංගීත ලොවේ සුපිරි තරුවක් වන ආදිත්‍ය නාරායන් සහ ශ්‍රී ලංකාවේ ජනාදරයට පත් නව පරපුරේ ගායන ශිල්පී සංඛ දිනෙත් සුසංයෝගයෙන්, ලොව වටා දිග හැරෙන දැවැන්ත සංගීත ප්‍රසංග මාලාවක් පිළිබඳව පසුගියදා කොළඹදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. රටවල් සහ භූගෝලීය සීමාවන් අතික්‍රමණය කරමින්, දකුණු ආසියානු සංගීතයේ නිම්වළළු පුළුල් කරන මෙම ප්‍රසංග මාලාව පිළිබඳව නිල දැනුම් දීමේ උත්සවය, Cinnamon Life at City of Dreams හෝටලයේ Gatz ශාලාවේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ ජපානය කේන්ද්‍රීය රටවල් බවට පත් කරමින්, ජාත්‍යන්තර සංගීත ලෝලීන් වෙත පෙරදිග හා දකුණු ආසියානු සංගීතයේ සුසංයෝගය රැගෙන යන දැවැන්ත සංගීත චාරිකාවක් සඳහා ජාත්‍යන්තර සංගීතමය සහයෝගීතාවක් ගොඩනැඟුණු ප්‍රථම අවස්ථාව මෙය වේ. විශ්ව සංගීතයේ ශක්තිය පිළිබඳ සාඩම්බර සාක්ෂියක් බඳු මෙම ප්‍රසංග සාංචාරය, දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපයන්ට ආවේණික සාරවත් කලාත්මක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වන්නකි.
නෙත් සිත් ඇදගන්නා සජීවී ප්‍රසංග අත්දැකීමක් රසිකයින් වෙත සමීප කරවන මෙම ජාත්‍යන්තර සංගීත සංචාරයේ ශ්‍රී ලාංකීය ප්‍රසංගය, Salon Mybride හි සංවිධානත්වයෙන්, එළඹෙන අගෝස්තු මස 1 වැනිදා කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව, ලබන අගෝස්තු මස 16 වැනිදා, ජපානයේ කෂිවා සිවික් සංස්කෘතික ශාලාවේදී ජපාන ප්‍රසංගය පැවැත්වීමටද කටයුතු යොදා තිබේ. එය, සංවිධානය කරනු ලබන්නේ, Japan Events ආයතනය විසිනි.
එම ප්‍රසංගය ද ඇතුළුව, මෙම ජාත්‍යන්තර සංගීත චාරිකාවේ නිෂ්පාදන සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ මහා පරිමාණ විනෝදාස්වාද වැඩසටහන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයක් දිනා සිටින ශ්‍රී ලාංකීය නිෂ්පාදන ආයතනයක් වන, Sound Vision Event Management ආයතනය විසිනි.
මෙම දැවැන්ත සංගීත චාරිකාවේ නිල තොරතුරු එළිදැක්වීම පිණිස පැවති සුවිශේෂී නිල මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මට්ටමේ නිල ආගන්තුක සත්කාරක සහකරු ලෙසින් Cinnamon Life at City of Dreams අත්වැල් බැඳගෙන තිබිණි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ ජපානය යන රටවල් ත්‍රිත්වයේ සංස්කෘතික හා කලාත්මක සබඳතා නව මානයකට ඔසවා තබන මෙම සංගීතමය සුසංයෝගය, කලාපීය විනෝදාස්වාද ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් පැවැත්වේ.
ඡායාරූප විස්වතරය - වමේ සිට : සංඛ දිනෙත්, ආදිත්‍ය නාරායන් සමග Sound Vision හි නිර්මාතෘ ආචාර්ය අම්රි අධීබ්
Video Story