බැංකුවල ඩොලරයේ විකුණුම් මිල නැවතත් රු. 340 සීමාවට

    June, 4, 2026

    අද (04) උදෑසන වන විට මෙරට ප්‍රමුඛ වාණිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබූ විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වේ.

    ඒ අනුව අද (04) පෙරවරු 10.00 වන විට වාණිජ බැංකු කිහිපයකම ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල ගණන් දැක්වුණේ පහත අයුරිනි.

    ලංකා බැංකුව: 330.50 | 339.50

    මහජන බැංකුව: 331.17 | 340.07

    කොමර්ෂල් බැංකුව: 330.50 | 339.50

    හැටන් නැෂනල් බැංකුව: 330.50 | 339.50

    සම්පත් බැංකුව: 330.50 | 339.50

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 329.44 | 340.56