මහ බැංකුවේ ඩොලර් විකුණුම් මිලත් රු. 340 පනී

    June, 4, 2026

    යළිත් වතාවක් ශ්‍රී ලංකා රුපියල මත ඇති විනිමය පීඩනය තීව්‍ර කරමින් අද (04) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 330.10 දක්වාත් විකුණුම් මිල රු. 340.25 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

    ඊයේ (03) දිනයේ දී මෙම අගයයන් වාර්තා වී තිබුණේ රු. 328.00ක් හා රු. 337.97ක් ලෙසිනි.

    මේ අතර අද උදෑසන වන විට මෙට වානිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමට පැමිණ තිබෙනු නිරීක්ෂණය කළ හැකි විය.

    ඒ අනුව අද (04) පෙරවරු 10.00 වන විට වාණිජ බැංකු කිහිපයකම ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල ගණන් දැක්වුණේ පහත අයුරිනි.

    ලංකා බැංකුව: 330.50 | 339.50

    මහජන බැංකුව: 331.17 | 340.07

    කොමර්ෂල් බැංකුව: 330.50 | 339.50

    හැටන් නැෂනල් බැංකුව: 330.50 | 339.50

    සම්පත් බැංකුව: 330.50 | 339.50

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 329.44 | 340.56