DHL Express ශී‍්‍ර ලංකා සමාගම සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් 2016 ස්ටීවි සම්මානයෙන් පිදුම් ලබයි

    September, 21, 2016

    ලොව ප‍්‍රමුඛතම ජාත්‍යන්න්තර එක්ස්ප‍්‍රස් සේවා සම්පාදකයෙකුවන DHL Express සමාගමේ මෙරට පාරිභෝගික සේවා කණ්ඩායම 2016 ස්ටීවි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවේය. මේ අනුව, ”වසරේ පාරිභෝගික සේවා අංශයට” හිමි රිදී සම්මානය ද, ”වසරේ පාරිභෝගික සේවා කණ්ඩායමට” හිමි ලෝකඩ සම්මානය ද DHL Express සමාගමට හිමි විය. සම්මානයට පාත‍්‍ර වූ සියලූ ම ජයග‍්‍රාහකයන් එළඹෙන ඔක්තෝබර් මස 21 වනදා ඉතාලියේ රෝම නගරයේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී ඇගයුමට ලක් කිරීමට ද නියමිතය.

    ”ස්ටීවි සම්මානය වැනි ලොව කීර්තිමත් ඇගයුමකට ලක් වීමට හැකි වීම පිළිබඳ අප නිහතමානීව ආඩම්බර වනවා. සෑම කුඩා අංශයක් කෙරෙහි ම අවධානය යොමු කරමින් පාරිභෝගිකයා උපරිම වශයෙන් තෘප්තිමත් කිරීමට අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම විසින් නිබඳව ලබා දෙන ඉහළ ගුණාත්මක බවින් යුතු සේවාව මෙමගින් තවදුරටත් තහවුරු වුණා.” DHL Express සමාගමේ මෙරට ප‍්‍රධාන කළමනාකාර දිමිති‍්‍ර පෙරේරා මහතා සඳහන් කළේය.

    තවද, ලොව එකම ජාත්‍යන්තර, පරිපූර්ණ ව්‍යාපාරික සම්මාන වැඩසටහන වන ජාත්‍යන්තර ව්‍යාපාරික සම්මාන උළෙලේ ජයග‍්‍රහණය හිමිකර ගැනීමට ද DHL Express ශී‍්‍ර ලංකා සමාගම සමත් විය.

    2002 වසරේදී ආරම්භ වූ ස්ටීවි සම්මාන උළෙල, ලොව පුරා සමාගම් සහ ඒවායේ සේවයෙහි නියුතු වෘත්තිකයන්ගේ ජයග‍්‍රහණ සහ ධනාත්මක දායකත්වය ඇගයුමට ලක් කරන කීර්තිමත් සම්මාන උළෙලකි. සම්මාන ප‍්‍රදානය වැඩසටහන් හතකින් සමන්විතවන අතර, සෑම වැඩසටහනකට ම ආවේණික වූ ඉලක්කයන්, ඛාණ්ඩ සහ ජයග‍්‍රාහකයන් පවතී. ලොව පුරා රාජ්‍යයන් 60 කට අධික සංඛ්‍යාවක සමාගම් සහ සංවිධානවලින් ලැබුණු නාම යෝජනා 3,800 කට අධික සංඛ්‍යාවක් අතරින් රන්, රිදී සහ ලෝකඩ සම්මාන සඳහා ජයග‍්‍රාහකයන් තෝරා ගැනිණි. මාස දෙකක කාලයක් තුළ සිදු කෙරුණු ඇගයුම් කි‍්‍රයාවලියෙන් අනතුරුව සාමාන්‍ය ලකුණු මට්ටම 200කට වැඩි වෘත්තිකයන් අවසන් වටය සඳහා තෝරා ගනු ලැබිණි.

    රටවල් 21ක DHL කාර්යාල මගින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සඳහා ලකුණු 62ක් හිමිකර ගනිමින් Deutsche Post DHL සමූහය වසරේ වඩාත් ගෞරවනීය සමාගම ලෙස විශිෂ්ට ස්ටීවි සම්මානය ද හිමිකර ගත්තේය.

    ශී‍්‍ර ලාංකේය ලොජිස්ටික්ස් ක්ෂේත‍්‍රයේ දශක තුනකට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන DHL Express ශී‍්‍ර ලංකා සමාගම, පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම සඳහා දක්වන කැපවීම සහ උනන්දුව මෙම සම්මානය මගින් ඇගයුමට ලක් විය. ලොජිස්ටික්ස් සේවා ක්ෂේත‍්‍රයේ පුරෝගාමියෙකු ලෙස මෙන්ම, පාරිභෝගිකයන් හට උපරිම මට්ටමින් සේවය ලබා දීම වෙනුවෙන් ද DHL Express ශී‍්‍ර ලංකා සමාගම අසමසම කීර්ති නාමයකට හිමිකම් කියයි.

    DHL සමාගමේ ගෝලීය මෙහෙයුම් සාරධර්ම අනුව යමින්, වේගය, ළෙන්ගතු බව, කළ හැකිය යන ආකල්පය සහ සෑම කටයුත්තක්ම පළමුවත්, නිවැරදිවත් ඉටු කිරීම යන අගනාකම් ඉහළ ප‍්‍රමිතියෙන් යුතුව රැුක ගැනීමට DHL Express ශී‍්‍ර ලංකා සමාගම කටයුතු කරයි.

    මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් DHL Express ශී‍්‍ර ලංකා සමාගමේ ජාතික පාරිභෝගික සේවා කළමනාකාර විකී මෙරියන් මහතා සඳහන් කළේ, රිදී සහ ලෝකඩ සම්මාන හිමි වීම මගින් පෙන්නුම් කරනුයේ, සිය සමාගම පාරිභෝගිකයාට ප‍්‍රමුඛත්වය ලබා දීමට දක්වන උත්සාහයයි. ”මෙම ජයග‍්‍රහණය සඳහා උර දුන් සියලූ ම කාර්යමණ්ඩල සාමාජිකයන් හට මාගේ ස්තුතිය පුද කර සිටිනවා.” ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.