June, 11, 2026
ශ්රී ලංකා මහ බැංකුව විසින් අඟහරුවාදා (09) ප්රකාශට පත් කරන ලද අපනයන ඉපැයීම් ශ්රී ලංකාවට ගෙන ඒමේ නව රීතීන් සමගින් ඊයේ (10) දිනයේ දී ශ්රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව යම්කිසි අතිප්රමාණය වීමක් පෙන්නුම් කළද, අද පෙරවරුවේ දී වාණිජ බැංකු විසින් ප්රකාශිත විනිමය අනුපාතිකයන් පිරික්සීමේ දී යළිත් වරක් ඩොලරයේ ඉහළ යාමක් වාර්තා වේ.
එහිදී ඊයේ (10) වන විට වාණිජ බැංකුවල ඩොලරයේ විකුණුම් මිල රු. 335.50 මට්ටමට පැමිණ තිබුණු නමුත් අද පෙරවරුව වන විට එම අගය රු. 337 සීමාව වෙත පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකි විය.
අද (11) පෙරවරු 10.00 වන විට මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් ප්රකාශයට පත් කර තිබූ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.
ලංකා බැංකුව: 328.00 | 337.00
මහජන බැංකුව: 327.23 | 337.06
කොමර්ෂල් බැංකුව: 327.00 | 336.00
හැටන් නැෂනල් බැංකුව: 328.25 | 337.50
සම්පත් බැංකුව: 326.22 | 337.00
නේෂන්ස් ට්රස්ට් බැංකුව: 326.98 | 338.02
DFCC බැංකුව: 328.25 | 337.75
NDB බැංකුව: 328.00 | 337.00
Video Story