June, 11, 2026
ඊයේ (10) දිනයේ දී වාර්තාගත ලෙස ශ්රී ලංකා රුපියලේ අතිප්රමාණය වීමක් දක්නට ලැබුණ ද, අද නැවත වරක් එහි අවප්රමාණය වීමක් වාර්තා වේ.
ඒ අනුව ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 324.66 සිට රු. 327.67ක් දක්වා ත්, විකුණුම් මිල රු. 335.39 සිට රු. 337.82ක් දක්වා ත් ඉහළ ගොස් තිබේ.
මේ අතර මෙරට වාණිජ බැංකුවල ද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මීට සමගාමීව අද (11) උදෑසන වන විට ඉහළ ගොස් තිබුණි.
අද (11) පෙරවරු 10.00 වන විට මෙරට වාණිජ බැංකු කිහිපයක් විසින් ප්රකාශයට පත් කර තිබූ ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.
ලංකා බැංකුව: 328.00 | 337.00
මහජන බැංකුව: 327.23 | 337.06
කොමර්ෂල් බැංකුව: 327.00 | 336.00
හැටන් නැෂනල් බැංකුව: 328.25 | 337.50
සම්පත් බැංකුව: 326.22 | 337.00
නේෂන්ස් ට්රස්ට් බැංකුව: 326.98 | 338.02
DFCC බැංකුව: 328.25 | 337.75
NDB බැංකුව: 328.00 | 337.00
Video Story