කොටස් වෙළෙඳපොළ ඒකක 191කින් පහළට

    June, 11, 2026

    මැදපෙරදිග යුද ගැටුම් නැවත වතාවක් නව වටයකින් ආරම්භ වීමේ ප්‍රතිඵලයක් ලෙසින් උද්ගත වූ ගෝලීය අස්ථාවරත්වය හමුවේ අද (11) දිනයේ දී ආසියානු කලාපයේ මෙන්ම ලොව පුරා වෙළෙඳපොළ ගණනාවක පහළ යාම් වාර්තා වුණි.

    මේ අතර අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 191.45කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 50.14ක පහළ යාමක් වාර්තා කරන ලදී

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,270.02ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,935.28ක් ලෙසත් සටහන් විය.

    අද දිනය තුළ ආයෝජකයින්ගේ සක්‍රීය සහභාගීත්වයේ ද මන්දගාමී බවක් දක්නට ලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් දෛනික ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.66කට සීමා විය.