July, 22, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛතම සන්නාමය වන Janashakthi Life මෙවර පොසොන් සමයේදී අනුරාධපුර ප්‍රදේශයේ වන්දනාවේ පැමිණි බැතිමතුන් වෙනුවෙන් සෞඛ්‍ය, සුභසාධනය සහ මහජන ආරක්ෂාව මූලික කරගත් ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය.
මෙම වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස Janashakthi Life විසින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරන ලද අතර, ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට රෝහල සොයාගැනීම පහසු කිරීම සඳහා නව නාමපුවරුවක් සවිකරන ලදි.
මීට අමතරව වන්දනා කාලසීමාව තුළ ජනතාවට සහ ශ්‍රී ලංකා පොලිසියට සහය වීම සඳහා, ගමන් කළ යුතු මාර්ගය දැක්වෙන මාර්ග සංඥා පුවරු ලබාදීමට සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැමිණි බැතිමතුන් අතර පින් පොත් බෙදා දීමටද Janashakthi Life කටයුතු කළේය.
මෙවැනි වැඩසටහන් ඔස්සේ ජනතාවට අත්වැලක් වෙමින් ඔවුන්ගේ ආරක්ෂාව හා යහපැවැත්ම සහතික කිරීම සඳහා Janashakthi Life දිගින් දිගටම කටයුතු කරමින් සිටී.

Janashakthi Life නියෝජිතයන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අත්‍යවශ්‍ය ඖෂධ තොගය භාරදෙමින්

Janashakthi Life නියෝජිතයන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැමිණි බැතිමතුන් අතර පින් පොත් බෙදා දුන් අයුරු
ඡායාරූප විස්තරය : Janashakthi Life නියෝජිතයන් ශ්‍රී ලංකා පොලීසිය වෙත මාර්ග සංඥා පුවරු භාරදුන් අවස්ථාව
Video Story