July, 27, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තීන්ත ආලේපන සන්නාමයක් වන ඒෂියන් පේන්ට්ස් කෝස්වේ (Asian Paints Causeway) සමාගම, මෙරට වෙළඳපොළට තවත් ප්‍රථම හඳුන්වාදීමක් සිදු කරමින්, නැනෝ තාක්ෂණය හරහා දියමන්තියක් බඳු පරිපූර්ණ නිමාවක් ලබා දෙන ‘Royale INFINITY’ ලක්ෂරි ඉන්ටීරියර් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය පසුගියදා නිල වශයෙන් එළි දැක්විය. පසුගියදා නිල වශයෙන් එළි දැක්විය. මෙම නිල දියත් කිරීම මීගමුව හෙරිටන්ස් හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවත්වුණු අතර මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්රමුඛ පෙළේ අලෙවි නියෝජිතයින් සහ ආයතනික ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.
උණුසුම් ආගන්තුක සත්කාර මධ්‍යයේ විශේෂඥ දැනුම බෙදාහදා දෙන අන්තර්ක්‍රියාකාරී තාක්ෂණික සැසි ගණතාවකින් සමන්විත වූ මෙම එළිදැක්වීමේ උත්සවය සිය අලෙවි නියෝජිත ජාලය සමඟ පවතින විශ්වාසනීය හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම දක්වන කැපවීම මනාව පිළිබිඹු කළ අවස්ථාවක් විය. නිවසක අත්විඳින සුඛෝපභෝගීත්වයේ හැඟුම යනු ඇස පිනවන මතුපිට අලංකාරය පමණක් නොවන බව දන්නා නිවෙස් හිමියන් වෙනුවෙන්ම නිර්මාණය කළ ‘Royale INFINITY’ නිෂ්පාදනයට, තියුණු බව සහ නිවැරදි නිමාව හරහා එම අත්දැකීමට පරිපූර්ණත්වයේ හැඟුමක් එක් කිරීමට ඇති හැකියාව සහභාගී වූවන් වෙනුවෙන් නිදර්ශනය කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගම කටයුතු කර තිබිණි.
දේශීය පාරිභෝගිකයන් පිළිබඳ සිදු කළ පුළුල් සමීක්ෂණ මත පදනම්ව නිපදවා ඇති Royale INFINITY යනු උසස් නිමාව අගය කරන, පළමු දසුනෙන්ම පරිපූර්ණත්වය හඳුනාගත හැකි ‘සුඛෝපභෝගී’ කාණ්ඩයේ පාරිභෝගිකයින් ඉලක්ක කරගත් නිෂ්පාදනයක් වන අතර දේශීය වෙළඳපොළේ දැනට පවතින තීන්තවලට වඩා පස් ගුණයකින් වැඩි සුමුදු නිමාවක් බිත්ති වලට ලබා දීමට එයට ඇති හැකියාව නිසා ඇස පිනවන සුඛෝපභෝගීත්වයේ හැඟුම ස්පර්ශයෙන් විඳගත හැකි පරිපූර්ණ අත්දැකීමක් බවට පත් කිරීම එහි සුවිශේෂීත්වයයි.
මෙම සුවිශේෂී සමාරම්භක උත්සවයේදී අදහස් දැක්වූ ඒෂියන් පේන්ට්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ කලාපීය අධ්‍යක්ෂක බුද්ධාදිත්ය මුඛර්ජි මහතා මෙසේ පැවසීය. ''නව Royale INFINITY හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ ‘අලංකරණ තීන්ත ආලේපන’ වෙළඳපොළ විප්ලවීකරණය කරන නව යුගයක ආරම්භය සලකුණු කරන අවස්ථාවක් බව අපි විශ්වාස කරනවා. සැමවිටම පරිපූර්ණත්වය අගය කරන සහ එම විශිෂ්ටත්වය අපේක්ෂා කරන ලක්ෂරි කාණ්ඩයේ පාරිභෝගිකයින් මෙන්ම ඔවුන් වෙත අපේ නිෂ්පාදන ගෙනයන අපගේ අලෙවි නියෝජිතයින් වෙනුවෙන් නවීනතම නැනෝ තාක්ෂණය සහ ජාත්‍යන්තර ප්රමිතීන් මුසු කරගත් අසමසම නිෂ්පාදනයක් ලබාදීමට හැකි විම අපට විශාල සතුටක්”
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාගමේ ශ්‍රී ලංකා ප්‍රධානී වෛතිලිංගම් කිරිදරන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “දේශීය තීන්ත ආලේපන ක්ෂේත්රයේ ප්‍රමුඛතම සමාගමක් වශයෙන් නිරන්තරයෙන්ම අපේ අරමුණ වුණේ ශ්‍රී ලාංකික වෙළඳපොළට පළමු වරට පිවිසෙන විප්ලවීය නවෝත්පාදනයන් ඉදිරිපත් කිරීම හරහා ක්ෂේත්රයේ පුරොගාමී මෙහෙවරක් ඉටු කිරීමයි. එසේ නමුත් Royale INFINITY යනු තවත් එක් විශිෂ්ට නව තීන්ත නිෂ්පාදනයක් පමණක් නොව පාරිභෝගික ජීවන රටාව ඉහළ නැංවීමට හැකි විසඳුමක් ලෙසින් ඉතා සූක්ෂ්මව නිර්මාණය කරන ලද නවෝත්පාදනයක්. පස් ගුණයක සුමුදු නිමාවක් ලබා දෙන නිෂ්පාදන විශිෂ්ටත්වය ජාත්‍යන්තර සෞඛ්‍ය සහ තත්ත්ව ප්රමිතීන් මඟින් සහතික කර ඇති නිසා නිෂ්පාදනය විශිෂ්ටත්වය සහ තිරසාරභාවය සමබර කිරීම අතින් දේශීය තීන්ත ආලේපන ක්ෂේත්රයට නව මිනුමක් හඳුන්වාදීමට Royale INFINITY හරහා අපිට හැකි වී තිබෙනවා”
කැළල්වලින් තොර තියුණු නිමාවක් ලබා දීම සඳහාම නිර්මාණය කර ඇති ‘Royale INFINITY’ එදිනෙදා සිදුවන ගෙවී යාම් සහ පැල්ලම්වලට එරෙහිව උපරිම ආරක්ෂාවක් සපයයි. එමෙන්ම මෙහි ඇති විශේෂ සංයුතිය සීරැම්, තැවරැම් සහ පැල්ලම්වලට ඉහළ ප්‍රතිරෝධයක් දක්වන අතර එහි නම්‍යශීලී ස්වභාවය නිසා මිලිමීටර් 1.07 ක් දක්වා වූ සියුම් ඉරිතැලීම් බාධාවකින් තොරව වසා දැමීමට හැකියාව තිබේ.
සියුම් දිලිසීමක් ලබා දෙන ‘Luxe Pearl Finish’ සහ සිනිඳු, දිලිසීමෙන් තොර අලංකාරයක් ලබා දෙන ‘Soft Matt Finish’ වශයෙන් සුවිශේෂී ප්‍රීමියම් නිෂ්පාදන කාණ්ඩ දෙකකින් පාරිභෝගිකයින් හට ‘Royale INFINITY’ ලබා ගත හැකි අතර සිය සෞන්දර්යාත්මක රුචිකත්වයන්ට සරිලන ආකාරයට වර්ණ 3,000 කට අධික ප්‍රමාණයක් අතරින් තෝරා ගැනීමට ඔවුන්ට හැකියාව ඇත.
බාහිර අලංකාරයට ඔබ්බෙන් යමින්, සෞඛ්‍යය, ආරක්ෂාව සහ පාරිසරික වගකීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිෂ්පාදනය කර ඇති Royale INFINITY, ගෝලීය වශයෙන් පිළිගත් Wimpey Laboratories LLC විසින් ඒ සම්බන්ධ ජාත්‍යන්තර ප්රමිතීන් වලට අනුකූල බවට සහතික කර ඇත. Royale INFINITY බිත්ති මත පුස් සහ දිලීර වර්ධනය සම්පූර්ණයෙන්ම වළක්වන බවට නිල වශයෙන් සහතික කර ඇති අතර, බහුලව දක්නට ලැබෙන බැක්ටීරියාවලට එරෙහිව 99.9% ක බැක්ටීරියා නාශක ආරක්ෂාවක් සපයයි.
Royale INFINITY හි අඩංගු VOC (Volatile Organic Compounds) මට්ටම නිර්දේශිත අවම සීමාවටත් වඩා අවම නිසා ගෘහස්ථ වායු ගුණාත්මකභාවය වඩාත් ආරක්ෂිත බවට සහතික ඇති අතර APEO-free සහ පාරිසරික වගවීම ඇති නිෂ්පාදනයක් ලෙසද සහතික කර ඇත. Royale INFINITY නිෂ්පාදනයන්ට හිමිවන වසර 7 ක කාර්යසාධන වගකීම් සහතිකය සිය නිෂ්පාදනයන්හි ගුණාත්මක බව පිළිබඳව සමාගමට ඇති විශ්වාසය පෙන්වා දෙන අතර එය නිවෙස් හිමියන්ට විශ්වාසයෙන් යුතුව නිෂ්පාදන භාවිතා කිරීමට හැකියාව ලබා දෙයි.
වෙළඳපොළේ ප්‍රමුඛතම තීන්ත ආලේපන සන්නාමය ලෙසින් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ අත්පත් කරගෙන ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් මීගමුවේ පැවත්වූණු දියත් කිරීමේ උත්සවයට සහභාගී වූ අලෙවි නියෝජිතයින් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයින් විසින් Royale INFINITY හි සුවිශේෂීත්වය පිළිබඳව දැඩි උද්යෝගයක් පළ කළහ. එම උද්යෝගීමත් සහයෝගfයන් ලැබෙන දිරිමත් කිරීමත් සමඟ ඉදිරියටත් ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණයෙන් පිරිපුන් විශිෂ්ට තීන්ත ආලේපන විසඳුම් ශ්‍රී ලාංකීය වෙළඳපොළට ඉදිරිපත් කිරීමට ඒෂියන් පේන්ට්ස් කෝස්වේ සමාලුගම අපේක්ෂා කරයි.
Video Story