ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් විසින් මෝටර් රථ රක්ෂණ සේවාව පහසු කරමින් ‘SLICGL Digital’ හඳුන්වා දෙයි

    July, 27, 2026

    ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General), විසින් ‘SLICGL Digital’  ස්මාර්ට් ජංගම යෙදුම (App) පසුගියදා හඳුන්වා දෙනු ලැබීය. එමඟින් වසර 60කට එහා ගිය විශ්වසනීය වූ රාජ්‍ය අනුග්‍රහය ලත් සේවාවක් සපයන SLIC General, පිළිගත් ආයතනයක පවතින විශ්වසනීයත්වය නවීන ඩිජිටල් අත්දැකීමක් සමඟින් ගෙන ඒමට සමත්ව ඇත.

    SLICGL Digital යෙදුම හරහා, මෝටර් රථ රක්ෂණ කටයුතු සඳහා ඉතා පහසු සේවා ප්‍රවේශයක් සලසා දෙනු ලබයි. පාරිභෝගිකයින්ට සිය රක්ෂණ ඔප්පු වෙත ප්‍රවේශ වීමට, රක්ෂණ හිමිකම් තත්ත්වය පිළිබඳව සොයා බැලීමට, රක්ෂණ ඔප්පු අලුත් කිරීම සහ මෝටර් රථ රක්ෂණ කාඩ්පත පරික්ෂා කිරීම යන සියලු ප්‍රවේශයන් එකම ජංගම දුරකථන යෙදුමක් හරහා සිදු කිරීමට අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (Insurance Regulatory Commission of Sri Lanka - IRCSL) විසින් 2026 මැයි මස 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කරන ලද නව මාර්ගෝපදේශයන්ට අනුකූලව, ඩිජිටල් රක්ෂණ කාඩ්පත ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා මෙම යෙදුම සහාය වේ.

    මෙම නව හඳුන්වාදීම SLIC General හි ඩිජිටල් පරිවර්තන ගමන් මගේ කොටසක් වන අතර ඒ හරහා වේගවත්, බුද්ධිමත් සහ වඩාත් පහසු රක්ෂණ විසඳුම් ලබා දීමට සැලසුම් කර ඇත. SLICGL Digital යෙදුම, පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් වෙත සම්බන්ධ වීමේ අවශ්‍යතාවය නවතාලමින්, රක්ෂණ සේවා කටයුතු ඉතා පහසු කරමින් ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව සලාසා දෙනු ලබයි. ඒ වෙනුවට, SLIC General වාහන හිමිකරුවන්ට, තරුණ වෘත්තිකයන්ට සහ ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන පාරිභෝගිකයින් හට, ප්‍රායෝගික පහසුව සලසා දෙනු ලබන නවීන තාක්‍ෂණය මත පදනම් වූ රක්ෂණකරුවෙකු ලෙස ඉතා කාලෝචිත නව්‍ය Digital යෙදුමක් හඳුන්වාදී ඇත.

    මෙම ඩිජිටල් යෙදුම හඳුන්වා දීම සිදුවන්නේ, 2025 වසරේදී SLIC General සමාගම මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රය තුළ ලැබූ ශක්තිමත් කාර්ය සාධනය සමඟිනි. මෝටර් රථ රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත ප්‍රමුඛයා ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණකරු ලෙස SLIC General සියලු අංශයන්හි තම නායකත්වයද තවදුරටත් ශක්තිමත් කරයි.

    SLICGL Digital යෙදුම දැන් App Store සහ Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැකිය.