July, 27, 2026
ශ්‍රී ලංකා-බ්‍රිතාන්‍ය AI තාක්ෂණ සමාගමක්වන Happy Chimps, NVIDIA Inception වැඩසටහනට ඇතුළත්ව තිබේ. එය, AI සහ උසස්-කාර්ය පරිගණකකරණය (HPC) සම්බන්ධ නවක ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙන වර්චුවල් පුහුණු වැඩසටහනකි. මෙම තෝරා ගැනීමත් සමග, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය පරිවර්තනීය වෙනසකට ලක් කිරීම සඳහා, රු. බිලියන 2.5 (පවුම් මිලියන 5) ක වටිනාකමින් යුතු Happy Chimps සමාගම සතු දැක්ම ඇගයුමට ලක් කෙරේ. AI තාක්ෂණික සංවර්ධනය සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම සහ NVIDIA සමග නව හවුල්කාරිත්ව ඇතිකර ගැනීම මගින් Happy Champs සමාගම, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා AI තාක්ෂණයෙන් බලගැන්වුණු මෙහෙයුම් පද්ධති පිරිනැමීමේ ලොව ප්‍රමුඛයෙකු බවට පත්වීමට තමන් සතු ඇති ඉලක්කය වේගවත්කර ඇත.
තාක්ෂණික සම්පත්, ක්ලවුඩ් යටිතල පහසුකම් සහ නවෝත්පාදන පද්ධතියට ප්‍රවේශය ලබාදීම හරහා NVIDIA ගෝලීය වැඩසටහන, ඉදිරිය සුබදායී නව AI ව්‍යාපාරවලට සහයෝගය ලබා දෙයි. එම වැඩසටහනේ එක් අංගයක් ලෙස Happy Chimps සමාගමට ඉදිරි මාස 12 සිට 18 කාලය තුළ ඇමරිකානු ඩොලර් 100,000 ක් වටිනා ක්ලවුඩ් සහයෝගය හිමිවන අතර එමගින් AWS පහසුකම් සඳහා වැයවන පිරිවැය කැපීපෙනෙන ලෙස අවමකර ගනිමින් සිය AI හැකියා වඩාත් වේගයෙන් වර්ධනයකර ගැනීමට හැකිවනු ඇත.
"NVIDIA Inception වැඩසටහනට ඇතුළත්කර ගැනීම Happy Champs අපට ඉතා වැදගත් සන්ධිස්ථානයක්වන අතර එමගින් අපගේ දිගුකාලීන දැක්ම වඩාත් හොඳින් තහවුරු වනවා. AI තාක්ෂණය මගින් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා ප්‍රායෝගික, පහසුවෙන් ලබාගත හැකි මැනිය හැකි ප්‍රතිඵල අත්කර දෙන සේවාවක් ලබා දිය යුතු බව අපගේ විශ්වාසයයි. ව්‍යාපාරවලට ලාභය වර්ධනයකර ගැනීමටත්, ඉහළ කාර්යක්ෂමතාවක් පවත්වා ගැනීමටත්, ඔවුන්ගේ පාරිභෝගිකයින් සමග ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමටත් හැකිවන ලෙස අප සෑම විශේෂාංගයක්ම ගොඩනැගීමට අවධානය යොමු කරනවා. NVIDIA සමාගම අප හට ලබා දුන් මෙම ඇගයීම, අපගේ එම ඉලක්කය වෙත වඩාත් වේගයෙන් ගමන් කිරීමට සවියක් වනවා," යනුවෙන් Happy Chimps සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් මණ්ඩාවල මහතා සඳහන් කළේය.
ප්‍රධාන වශයෙන් මුදල් හුවමාරු සිදුකරන සම්ප්‍රදායික POS පහසුකම් සම්පාදනයෙන් ඔබ්බට යමින් Happy Chimps සමාගම, ව්‍යාපාරවල ආදායම් ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික සබඳතා ශක්තිමත් කිරීම සඳහා පරිපූර්ණ AI මෙහෙයුම් පද්ධති ගොඩනැගීමට කටයුතු කරයි. තවද, සිය පාරිභෝගික දත්තවල පූර්ණ හිමිකාරිත්වය තමන් සතුව පවත්වා ගනිමින්, සෑම අලෙවියකදීම වැඩි ආදායමක් හිමිකර ගැනීමට ව්‍යාපාරවලට අවස්ථාව හිමිකර දීම සඳහා එම සමාගම කොමිස් මුදලකින් තොර අන්තර්ජාල ඇණවුම් ක්‍රමයක් මත මෙහෙයුම් කටයුතු සිදු කරයි.
POS, ගෙවීම්, වෙන්කිරීම්, ළෙන්ගතු පාරිතෝෂික, අන්තර්ජාල ඇණවුම්, ඩිජිටල් අලෙවිකරණය, බලපෑම් පුද්ගලයින් සමග හවුල්කාරිත්ව, විශ්ලේෂණ, AI තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික බුද්ධිය සහ ජංගම දුරකථන යෙදවුම එකිනෙක සම්බන්ධ කරමින් මෙම ඒකාබද්ධ පද්ධතිය, ව්‍යාපාරවලට නව පාරිභෝගිකයින් ආකර්ෂණයකර ගැනීමටත්, ඔවුන් පැමිණෙන වාර ගණන වැඩිකර දීමටත්, මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමටත්, වඩාත් දැනුවත් වාණිජ තීරණ ගැනීමටත් උපකාරී වේ.
AI යනු, Happy Chimps නිෂ්පාදනවල පදනමයි. එම සමාගම පුරෝකථන අලෙවිකරණය, AI තාක්ෂණය මත පදනම් වූ ව්‍යාපාරික විශ්ලේෂණ, CRM පාරිභෝගික හැසිරීම් විශ්ලේෂණ සහ බුද්ධිමය ව්‍යාපාරික නිර්දේශ ඇතුළු උසස් තාක්ෂණික හැකියා ගොඩනගමින්, පාරිභෝගික හැසිරීම වඩාත් හොඳින් අවබෝධකර ගැනීමටත්, ඉලක්කගත අලෙවිකරණය ස්වයංක්‍රීයකරණය කිරීමටත්, ඉල්ලුම පුරෝකථනය කිරීමටත්, මෙහෙයුම් කටයුතු උපරිමකරණය කිරීමටත්, දත්ත මත පදනම්ව වඩාත් යෝග්‍ය තීරණ ගැනීමටත් වෙළෙඳ ව්‍යාපාරවලට අවස්ථාව උදාකර දෙයි.
මේවන විට එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරක ක්ෂේත්‍රය සඳහා සේවා සලසන අතර නුදුරේදී ඔස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට සැලසුම්කර තිබේ.
සේයා රූ සටහන: Happy Chimps සමාගමේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් මණ්ඩාවල