Ballys Colombo ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස රාහුල් අත්තනායක පත් කෙරේ

    July, 27, 2026

    Bally’s Colombo සිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (Chief Operating Officer - COO) ලෙස රාහුල් අත්තනායක මහතා පත් කර ඇති අතර මෙම පත් කිරීම ආයතනයේ මෙහෙයුම් විශිෂ්ටත්වය, උපායමාර්ගික නායකත්වය සහ තිරසාර ව්‍යාපාර වර්ධනය තව දුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැළැකේ. COO ධුරයට පත් වීමට පෙර අත්තනායක මහතා බැලීස් ආයතනයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී (Chief Human Resources Officer - CHRO)ලෙස කටයුතු කරමින් ආයතනයේ මානව සම්පත් උපාය මාර්ගය, අභ්‍යන්තර පාලන පද්ධති සහ සංවිධානමය පාලන රාමුව ශක්තිමත් කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් දුන්නේය. එම කාලය තුළ මානව සම්පත් පද්ධති නවීකරණය කිරීම, සේවක සම්බන්ධතා ඉහළ නැංවීම, ආයතනික ප්‍රතිපත්ති සංවර්ධනය කිරීම සහ සමස්ත ආයතනය පුරා ක්‍රියාත්මක වූ උපාය මාර්ගික වැඩසටහන් රැසක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු නායකත්වය දුන්නේය. නව COO ධුරයේදී  රාහුල් අත්තනායක මහතා බැලීස් ආයතනයේ විවිධ ව්‍යාපාර ඒකකවල සමස්ත මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරනු ඇත. මෙහෙයුම් කාර්යසාධනය ඉහළ නැංවීම, සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීම, සංවිධාන කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සහ දිගු කාලීන ව්‍යාපාරික උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම ඔහුගේ ප්‍රධාන වගකීම් අතර වේ. එමෙන්ම මානව ප්‍රාග්ධන කළමනාකරණය, නායකත්ව සංවර්ධනය සහ සංවිධානීය පරිවර්තනය යන ක්ෂේත්‍රවල විධායක නායකත්වයද ඔහු අඛණ්ඩව සපයනු ඇත.

    අත්තනායක මහතා විශිෂ්ට අධ්‍යාපන හා වෘත්තීය පසුබිමකින් සමන්විත නායකයෙකි. ඔහු දැනට මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දර්ශනපති (PhD) උපාධිය සඳහා අධ්‍යයනය කරමින් සිටින අතර මානව සම්පත් කළමනාකරණය පිළිබඳ විශේෂ MBA උපාධියක්, උපාය මාර්ගික අලෙවිකරණය පිළිබඳ MSc උපාධියක් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ගෞරව උපාධියක් (BA Hons) හිමි කර ගෙන සිටී. එමෙන්ම එක්සත් රාජධානියේ Chartered Institute of Marketing (CIM) ආයතනයේ වෘත්තීය සුදුසුකම් සහ තවත් වෘත්තීය සහතික රැසක් ඔහු සතුය. උපාය මාර්ගික දෘෂ්ටිය, මිනිසා කේන්ද්‍ර කර ගත් නායකත්ව ප්‍රවේශය සහ මෙහෙයුම් විශේෂඥතාව සඳහා ප්‍රසිද්ධියට පත් රාහුල් අත්තනායක මහතා සංවිධාන සංවර්ධනය, නායකත්ව පරිවර්තනය, කාර්යසාධන කළමනාකරණය, ප්‍රතිපත්ති සංවර්ධනය, සේවක හැකියා වර්ධනය කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වැනි ක්ෂේත්‍ර ගණනාවක සාර්ථක ව්‍යාපෘතිවලට නායකත්වය දී ඇත. ඔහුගේ නායකත්වය බැලීස්  ආයතනයේ අභ්‍යන්තර සංවිධාන සංස්කෘතිය ශක්තිමත් කිරීමට මෙන්ම ආයතනයේ දිගු කාලීන වර්ධන දැක්ම සාක්ෂාත් කර ගැනීමට ඉහළ දායකත්වයක් දී තිබේ. මෙම පත් කිරීම සිදු වන්නේ බැලීස් ආයතනය සඳහා ඉතා වැදගත් අවස්ථාවකදීය. 2025 වසරේ මැනිලා නුවර පැවති Asia Gaming Awards සම්මාන උළෙලේදී Best Gaming Property of the Year සම්මානය දිනා ගනිමින් බැලීස් සහ ශ්‍රී ලංකාව සමස්ත ආසියානු ක්‍රීඩා හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක් විය. බැලීස් ආයතනය සිය මෙහෙයුම් විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කරමින් කළාපීය ප්‍රමුඛත්වය පුළුල් කර ගෙන යන මෙම අවස්ථාවේදී රාහුල් අත්තනායක මහතා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස පත් කිරීම නව්‍යකරණය, කාර්යක්ෂමතාව සහ සුවිශේෂ ආගන්තුක අත්දැකීම් ඉදිරියට ගෙන යා හැකි පළපුරුදු නායකත්වයක් පිළිබඳ ආයතනයේ විශ්වාසය පිළිබිඹු කරයි. ඔහුගේ නව නායකත්වය යටතේ බැලීස් ආයතනය ආසියාවේ ප්‍රමුඛතම ඒකාබද්ධ ක්‍රීඩා හා ආගන්තුක සත්කාර ගමනාන්තයක් බවට පත් වීමේ ආයතනික දැක්ම තව දුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.