August, 1, 2026
පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ලක්ෂ්යමය පදනම මත සියයට 27.1කින් පහළ ගොස් එ.ජ. ඩොලර් මිලියන 182ක් විය.
මේ අතර, 2026 වසරේ පළමු භාගය තුළ දී මෝටර් රථ ආනයනය සඳහා වූ සමස්ත වියදම එ.ජ. ඩොලර් මිලියන 1,254ක් වූ අතර, එය 2025 වසරේ දෙවන භාගය තුළ දී වාර්තා වූ එ.ජ. ඩොලර් මිලියන 1,572ට වඩා අඩු අගයක් විය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2026 ජූනි මාසයේ විදේශීය අංශයේ ක්රියාකාරිත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Video Story