UTE සමාගම කලාපීය Cat Lift Truck සම්මානයෙන් පිදුම් ලබයි

    October, 4, 2016

    භාණ්ඩ හැසිරවීමේ සහ ගබඩා කිරීමේ යන්ත්‍ර සූත්‍ර සම්පාදනයේ පුරෝගාමියෙකු මෙන්ම Cat ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර මෙරටට ගෙන්වා බෙදා හැරීමේ එකම බලයලත් අලෙවි නියෝජිතයා ද වන යුනයිටඩ් ට්‍රැක්ටර් ඇන්ඩ් ඉක්විප්මන්ට් (UTE) සමාගම විකුණුම් වර්ධනය සහ ව්‍යාපාරික ශක්‍යතාවන් වෙනුවෙන් කලාපීය සම්මාන දෙකකින් පසුගියදා පිදුම් ලැබුවේය.

    ගබඩා කටයුතු සඳහා යොදා ගැනෙන විශේෂිත යන්ත්‍ර නිෂ්පාදනය කරන MNA Forklift Asia Pacific සමාගම සිය " කලාපීය බෙදාහැරීම් කරුවන්ගේ සම්මාන රාත්‍රියේදී" ආසියානු සහ දකුණු අප්‍රිකානු කලාපයේ විශිෂ්ටත ම බෙදාහැරීම් කරුවන් ඇගයුමට ලක් කරයි. 2014/2015 වසර සඳහා කාණ්ඩ 2ක් යටතේ කලාපයේ හොඳම නැගී එන බෙදාහැරීම්කරු (Dealer) ලෙස UTE සමාගම සම්මානයට පාත්‍ර විය. විදුලියෙන් හා ඉන්ධන බලයෙන් ක්‍රියා කරන ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර අලෙවියෙන් සමාගම පසුගිය වසර තුළ වාර්තා කළ ප්‍රගතිය මෙසේ ඇගයුමට ලක් විය.

    ඉන්ධන දහනයෙන් ක්‍රියාත්මක ෆෝක්ලිෆ්ට් රථ අංශයේ ඉහලම අලෙවිය සඳහා UTE සමාගම මෙලෙස සම්මානයට පාත්‍ර වූයේ අඛණ්ඩව දෙවන වරටය. "කාර්මික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකයන් වඩාත් අවධානය යොමු කරන්නේ අලෙවියෙන් පසු සේවාවේ ප්‍රමිතිය, විශ්වසනීයත්වය සහ විශිෂ්ටත්වය කෙරෙහිය. පසුගිය වසර ගණනක් පුරා UTE සමාගම විශේෂයෙන් Cat ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර සඳහා සුවිශේෂී පාරිභෝගික සේවාවක් ලබා දීම වෙනුවෙන් කීර්තියට පත්ව සිටිනවා. අපගේ නිෂ්පාදනවල වෘත්තීය මට්ටමේ සේවාව සහ විශ්වාසය නිසා ම පාරිභෝගිකයන් දිගින් දිගටම අප සමග බැඳී සිටිනවා. අපට මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකි වූයේ දීර්ඝ කාලීනව ඔවුන් අප කෙරේ තැබූ විශ්වාසය නිසායි." UTE සමාගමේ බල සහ භාණ්ඩ හැසුරුම් සාමාන්‍යාධිකාරී මංජුල විතානගේ මහතා සඳහන් කළේය.

    අධික තරගකාරී වෙළඳපල යාන්ත්‍රණයක් තුළ බොහෝ ආයතන සිය මූලික වෙළඳ කර්තව්‍යයන් කෙරේ අවධානය යොමු කරමින් සිය ව්‍යාපාරයේ අවශේෂ කටයුතු තෙවන පාර්ශ්වයක් වෙත කුලී පදනම මත පැවරීමේ නැඹුරුවක් ලොව පුරා දක්නට ඇත. විශේෂයෙන්ම භාණ්ඩ හැසිරවීම සහ ගබඩා කිරීම සඳහා ඒ පිළිබඳ විශේෂ දැනුමක් සහිත සැපයුම්කරුවන් හට පැවරීම මගින් එම ආයතනය විශාල වශයෙන් සිය ඵලදායීතාව ඉහල නංවා ගත හැකි බව අවබෝධ කර ගෙන ඇත. මෙබඳු තත්ත්වයක් යටතේ UTE සමාගම දිවයිනේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන සමාගම් රැසකටම ෆෝක්ලිෆ්ට් හා අනෙකුත් භාණ්ඩ හැසිරවීමේ සේවා දීර්ඝ කාලීන කොන්ත්‍රාත් පදනම යටතේ සපයා ඇත. මෙම තත්ත්වය මූලිකවම ඉහත සම්මාන දිනා ගැනීමේදී උපකාරී විය.

    එසේම UTE සමාගම මෑතකදී දිවයිනේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන මෙල්වයර් රෝලිං සමාගමට ටොන් 15 ක ධාරිතාවක් සහිත ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් සැපයීමෙන් දිවයිනේ එබඳු විශාලතම ධාරිතාවක් සහිත යන්ත්‍ර අලෙවි කළ සමාගම් අතර කීර්තියට පත් විය.

    Cat ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර වසර 3ක කාලයක් සඳහා වගකීම් සහතිකයක් ලබා දෙන අතර පළමු වසර තුළදී යන්ත්‍රයේ සියලුම කොටස් වල වගකීමට යටත් වන අතර දෙවන සහ තුන්වන වසර තුළ එන්ජිම සහ ගියර් පද්ධතිය වගකීම් සහතිකය මගින් ආවරණය කරයි.

    ශ්‍රී ලංකාවේ කාර්මික සහ අපනයන ක්ෂේත්‍රය ඉහල වර්ධනයට යොමු වීමත් සමග මෙවැනි යන්ත්‍ර සූත්‍ර සඳහා ඇති ඉල්ලුම තවත් ඉහල නගිනු ඇති බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.

    බර වැඩ කාර්මික ශ්‍රම හිඟය ජය ගනිමින් සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන සමාගම්වලින් ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර සඳහා විශාල ඉල්ලුමක් පවතී.


    UTE සමාගමේ ජව පද්ධති සහ අමුද්‍රව්‍ය හැසිරුම් අංශයේ සාමාන්‍යාධිකාරී මංජුල විතානගේ (දකුණේ සිට දෙවැන්නා), සිංගප්පූරුවේ Mitsubishi Nichiyu Forklift Asia Pacific සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හිරෝෂි සුගවාරා (දකුණේ සිට තෙවැන්නා) සහ අනෙකුත් ජයග්‍රාහකයන්