August, 4, 2026
Scope Cinemas ආයතනය, Sony Pictures Releasing International සමග එක්ව ශ්‍රී ලංකාවේ හොලිවුඩ් සිනමා ප්‍රදර්ශනාත්මක අත්දැකීම් නව මානයකට ගෙන යමින් "Spider-Man: Brand New Day" චිත්‍රපටයේ මංගල දර්ශනය සාර්ථක ලෙස පවත්වන ලදී. මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වුණු දැවැන්තම පූර්ව සිනමා දැක්ම ලෙස සැලකෙන මෙම සිදුවීමට, සිනමා ලෝලීන් වෙනුවෙන්ම සංවිධානය කළ විශේෂාංග රැසක් ඇතුළත් විය. සුවිශේෂී Red Carpet අත්දැකීමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වූ චිත්‍රපටය තේමාව කරගත් ආකර්ෂණීය ඩ්‍රෝන් (Drone) සංදර්ශනයක් ද ඊට ඇතුළත් විය.
මෙම ඓතිහාසික චිත්‍රපට මංගල දර්ශනය සඳහා The Shoppes at City of Dreams Sri Lanka නිල උත්සව සහකරු ලෙස කටයුතු කළේය. මාධ්‍යවේදීන්, හවුල්කරුවන් සහ විශේෂ ආරාධිතයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී, සියල්ලන් උදෙසා මෙම නවතම Spider-Man සිනමාපටයේ විශේෂ පූර්ව ප්‍රදර්ශනයක් පැවැත්විණි. උත්සවයට සමගාමීව Marvel සුපිරි වීරයාගේ තේමාව ඔස්සේ ඉදිරිපත් කළ ආකර්ෂණීය ඩ්‍රෝන් සංදර්ශනය, ජාත්‍යන්තර මට්ටමේ විනෝදාස්වාද අත්දැකීම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට 'The Shoppes' සතු හැකියාව මෙන්ම, Scope Cinemas හි ආගමනයට අගයක් එක් කිරීමට ද මනා පිටිවහලක් විය.
මංගල දර්ශනයට පෙර සූදානමක් ලෙස, Sony Pictures Releasing International ආයතනය, Liberty Lands & Developments සහ Next Frame Global ආයතන සමග එක්ව මෙම චිත්‍රපටයේ පැමිණීම දිවයින පුරා පවතින උත්සවශ්‍රීයක ස්වරූපයෙන් සංවිධානය කිරීමට කටයුතු කළේය. යාපනය, කුරුණෑගල, කටුගස්තොට, මහනුවර, කෑගල්ල, මොරටුව, ගම්පහ, වත්තල සහ කොළඹ යන ප්‍රදේශවල සිනමා ලෝලීන්ට Spider-Man චරිතය සජීවීව හමුවීමටත්, ඒ ආශ්‍රිත අත්දැකීම් ලබා ගැනීමටත්, නිල Spider-Man වෙළඳ භාණ්ඩ (Merchandise) ලබා ගැනීමටත් අවස්ථාව හිමි විය. මීට අමතරව, කොළඹ නගරය පුරා ගමන් කළ "Spidey Bus" රථය මගින් Spider-Man, කොළඹ වැසියන් වෙත සජීවීව සමීප කරවමින්, චිත්‍රපටයේ මංගල දර්ශනය කෙරෙහි විශාල උනන්දුවක් ඇති කිරීමට සමත් විය.
මෙම විශේෂ අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් Scope Cinemas (Pvt.) Ltd. හි සභාපති නවීඩ් කාඩර් මහතා කියා සිටියේ, "Scope Cinemas හි අපගේ නිරන්තර විශ්වාසය වන්නේ ලෝකයේ ප්‍රමුඛ සිනමා වෙළඳපොළවල් ලබා දෙන මට්ටමේ උසස්ම සිනමා අත්දැකීමක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට ද හිමිවිය යුතු බවයි. 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල ප්‍රදර්ශනය මගින් පෙන්නුම් කරන්නේ සිනමා ශාලාවෙන් ඔබ්බට යන අමතක නොවන අත්දැකීම් නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ සිනමා ප්‍රදර්ශන ක්ෂේත්‍රයේ ප්‍රමිතිය උසස් කිරීමට අප දක්වන කැපවීමයි. ලෝක මට්ටමේ විනෝදාස්වාදයන් දේශීය ප්‍රේක්ෂකයන් වෙත ගෙන ඒමේ අපගේ ගමනේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.
Liberty Lands & Developments Pvt. Ltd හි සමූහ අලෙවි සාමාන්‍යාධිකාරී Chassy Cortes මහත්මිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, "'Spider-Man: Brand New Day' සමගින් අපගේ අරමුණ වූයේ ප්‍රේක්ෂකයන්ට මීට පෙර කිසි දිනක නොලැබුණු අත්දැකීමක් ලබා දීමයි. සිනමා ශාලාවෙන් ඔබ්බට ගොස්, දිවයිනේ නගර රැසක ප්‍රේක්ෂකයන්ට Spider-Man චරිතය හමුවීමටත්, විනෝදාත්මක ක්‍රියාකාරකම්වලට එක්වීමටත්, නිල වෙළඳ භාණ්ඩ ලබා ගැනීමටත් අවස්ථාව හිමිකර දුන් බවයි. මෙය මෙරට තුළ මීට පෙර සිදු නොවූ වෙනස්ම අත්දැකීමක් වන බවයි. කොළඹ පුරා 'Spidey Bus' රථය ගමන් කරවීමේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රථම, චිත්‍රපට තේමා කරගත් ඩ්‍රෝන් සංදර්ශනය සහ නගර කිහිපයක් ආවරණය වන පරිදි පැවැත්වූ ප්‍රදර්ශන දක්වා සෑම පියවරක්ම සිනමා ලෝලීන්ට අමතක නොවන සැමරුමක් කිරීමට සැලසුම් කර තිබූ බවද ඇය වැඩිදුරටත් කියා සිටියා.
Next Frame Global හි ප්‍රධාන විධායක නිලධාරිනී Daniella Nobile මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ, "ලොව සුප්‍රකට සිනමා සඟරාවක නවතම දිගහැරීමක් වන 'Spider-Man: Brand New Day' වෙනුවෙන් හිමිවිය යුත්තේ එහි විශාලත්වයට සහ උද්යෝගයට සරිලන ආකාරයේ දැවැන්ත ආරම්භයක් බවයි. සිනමා ශාලාවලින් ඔබ්බට ගිය අත්දැකීම් හරහා ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන් මෙම චිත්‍රපටය සමගින් එක්වූ ආකාරය මගින් ලෝක මට්ටමේ තේමාත්මක සිනමා උත්සව සඳහා ඇති ඉහළ ඉල්ලුම පෙන්නුම් කරනවා. ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත නව්‍යකරණයෙන් යුතුව ගෙන ඒමටත්, ඒ හරහා මෙරට සිනමා ප්‍රමිතීන් ඉහළ නංවමින් ගෝලීය සිනමා කර්මාන්තය තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කිරීමටත් Scope Cinemas සමග එක්වීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා."
මෙම මංගල දර්ශනය මගින් පෙන්නුම් කරන්නේ ලෝක මට්ටමේ සිනමා අත්දැකීම් ලබා දීමටත්, නව්‍ය ප්‍රේක්ෂක ආකර්ෂණීය ක්‍රමවේද හරහා ශ්‍රී ලංකාවේ සිනමා සංස්කෘතිය නව මගකට යොමු කිරීමටත් Scope Cinemas සමාගම දක්වන නිරන්තර කැපවීමයි.
Sony Pictures ආයතනයේ නිෂ්පාදනයක් වන "Spider-Man: Brand New Day" යනු ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් Spider-Man චිත්‍රපට මාලාවේ නවතම සංස්කරණයයි.
Video Story