August, 5, 2026
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ ඩිජිටල් සේවාවන් සඳහා පරිවර්තනීය ඉදිරි පියවරක් තබමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘතිම බුද්ධියෙන් (Artificial Intelligence - AI) බලගැන්වූ, තොරතුරු සහයකයා වන 'Beechat' නිල වශයෙන් එළිදැක්වීය.
Beechat රක්ෂණ තොරතුරු සහයකයා, පාරිභෝගිකයින්ගේ අත්දැකීම නව මානයකට රැගෙන යාම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇත. SLIC General හි වෙබ් අඩවිය (https://www.slicgeneral.com/) සහ පාරිභෝගික පිවිසුම හරහා සම්බන්ධ විය හැකි මෙම සහායකයා මගින්, පාරිභෝගිකයින්ට තම රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු, හිමිකම් තත්ත්වයන් පිළිබඳව කාලීන තොරතුරු සහ රක්ෂණ කටයුතු සඳහා අදාළ උපකාරක සේවා සතියේ දින හතේම, පැය 24 පුරා ක්ෂණිකව ලබාගැනීමේ පහසුකම සලසා දෙනු ලබයි.
පාරිභෝගිකයින් හට Beechat සහයකයා හරහා රක්ෂණ සේවා වඩාත් සරල, පහසු සහ ඕනෑම වේලාවක ලබාගත හැකි සේවාවක් බවට පත් කරයි. පෝලිම්වල රැඳී සිටීම, දුරකථන ඇමතුම් හෝ කාර්යාල වේලාවන්ට පමණක් සීමා වීම වෙනුවට, මෙම සේවාව මගින් පාරිභෝගිකයින්ට තම රක්ෂණ ඔප්පු පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට, හිමිකම් ඉල්ලීම්වල තත්ත්වය සොයා බැලීමට සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම කඩිනමින් පිළිතුරු ලබාගැනීමට අවකාශය සැලසේ. එමඟින්, තමන් භාවිතා කරන භාෂාව කුමක් වූවද, සෑම පාරිභෝගිකයෙකුටම තම රක්ෂණ කටයුතු පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව කළමනාකරණය කර ගැනීමට අවස්ථාව හිමි වේ.
කෘතිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන මෙම සේවාව ගැටළු අවම කරමින්, අනවශ්‍ය ප්‍රමාදයන් මගහරිමින් පාරිභෝගික විශ්වාසය ශක්තිමත් කරනු ලබයි. අවසාන වශයෙන්, මන්දගාමී සහ සංකීර්ණ ක්‍රියාවලියක් ලෙසින් තිබූ රක්ෂණ ක්ෂේත්‍රය, Beechat මගින් වර්තමානයේ නවීන ජීවන රටාවන්ට ගැළපෙන පරිදි කාර්යක්ෂම සහ පහසු ඩිජිටල් අත්දැකීමක් බවට පරිවර්තනය කරයි.
SLIC General විසින් Beechat හඳුන්වාදීම, ආයතනය සඳහා උපායමාර්ගික වශයෙන් වැදගත් පියවරක් වන අතර එය ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෘතිම බුද්ධියෙන් බලගැන්වූ, භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන රක්ෂණ තොරතුරු සහායකයා හඳුන්වාදීම හරහා SLIC General, ඩිජිටල් පරිවර්තනයට සහ තාක්ෂණය පදනම් කර ගනිමින් විශිෂ්ට සේවා සැපයීම සඳහා දක්වන සිය කැපවීම මැනවින් විදහා දක්වයි.
මෙම නව හඳුන්වාදීම තුළින් SLIC General, සාම්ප්‍රදායික සේවා ආකෘති මත යැපෙන තරඟකාරී ආයතන වලින් විතැන්වූ, අනාගත දැක්මක් සහිත, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ආයතනයක් බව නැවත වරක් තහවුරු කොට තිබේ. එමෙන්ම, රක්ෂණ සේවා ලබා ගැනීමේ පහසුකම, කාර්යක්ෂමතාව සහ පාරිභෝගික පහසුව සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් ස්ථාපිත කරමින් SLIC General, රක්ෂණ ක්ෂේත්‍රයට නව මාවතක් පුළුල් කර දෙන ආයතනයක් බවට මෙම හඳුන්වාදීම හරහා සියලු පාර්ශ්වකරුවන්ට පැහැදිලි සංඥාවක් ලබාදෙයි.
කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ පාරිභෝගික සබඳතා සේවාවන් තුළ ප්‍රමුඛත්වය දරමින් SLIC General, රක්ෂණ ක්ෂේත්‍රය තුළ නව මිනුම් සලකුණක් තබා ඇත. Beechat හරහා තාක්ෂණය උපයෝගී කර ගනිමින් සාම්ප්‍රදායික රක්ෂණ සේවාවක් වඩාත් නවීන, කාලීන සහ අනාගතයට සරිලන අත්දැකීමක් බවට පරිවර්තනය කළ හැකි ආකාරය මනාව පෙන්නුම් කරනු ලබන අතර ඒ හරහා SLIC General තමන් සේවය සපයන පාරිභෝගිකයින් අතර ඇති සබඳතාව තවදුරටත් ශක්තිමත් කරයි.
Video Story