August, 7, 2026
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යයනාංශයේ අවසන් වසරේ උපාධි අපේක්ෂක එච්. එම්. අමන්දි මෙනවිය විසින්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එන්. වයි. ජයනාත් මහතා සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජී. එම්. සෝමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ මෑතකදී ස්වාධීන පර්යේෂණයක් පවත්වන ලදී. එමඟින් හෙළි වී ඇත්තේ '7 Star' චක්කි ආටා පිටි (7 Star Chakki Atta) භාවිතයෙන් බහුලව පිළියෙල කරනු ලබන ආහාර, අඩු ග්ලයිසීමික් දර්ශක (Low Glycemic Index - GI) සීමාවන් තුළ පවතින බවයි. මෙය එදිනෙදා පරිභෝජනය සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න ප්‍රධාන ආහාරයක් ලෙස එහි යෝග්‍යතාවය තහවුරු කරයි. ශ්‍රී ලංකාව තුළ දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින සහ වඩාත් ගුණදායක ආහාර තේරීම් සඳහා වන ඉල්ලුම වර්ධනය වෙමින් පවතින වටපිටාවක, මෙම පර්යේෂණය දේශීය වශයෙන් ඉතා වැදගත් විද්‍යාත්මක සාක්ෂි සපයයි.
සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමේ '7 Star' චක්කි ආටා පිටි උපයෝගී කර ගනිමින් සකස් කරන ලද චපාති, රොටී සහ පූරි යන ආහාර මෙම අධ්‍යයනය සඳහා ඇගයීමට ලක් කෙරිණි. එහිදී මෙම ආහාර වෙන වෙනම ලබා ගැනීමේදී සහ ශ්‍රී ලාංකිකයන්ගේ සාමාන්‍ය ආහාර පුරුදු නිරූපණය කරමින් කඩල ව්‍යංජනයක් සමඟ ආහාරයට ගැනීමේදී සිදුවන ග්ලයිසීමික් ප්රතිචාරයන් (glycemic response) මැන බලන ලදී. එහි ප්‍රතිඵලවලට අනුව මෙම ආහාර වර්ග තුනම අඩු GI අගයන් වාර්තා කළ අතර, එය චපාති සඳහා 45 ක්ද, රොටී සඳහා 44 ක්ද සහ පූරි සඳහා 50 ක්ද වශයෙන් අගයන් ලැබුණි. මෙයින් පෙන්නුම් කරන්නේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම ඉතා සෙමින් හා ස්ථාවරව සිදු වන බවයි.
ආහාර පිළියෙල කිරීමේ ක්‍රමවේදයන්හි පවතින වෙනස්කම් ග්ලයිසීමික් ප්‍රතිචාරය කෙරෙහි අවම බලපෑමක් ඇති කරන බවත්, කඩල ව්‍යංජනය එකතු කිරීම මඟින් GI අගයන් තවදුරටත් අඩු වන බවත් මෙම සොයා ගැනීම් මඟින් අනාවරණය විය. උදාහරණයක් ලෙස, රොටී, කඩල ව්‍යංජනය සමඟ ආහාරයට ගත් විට එහි GI අගය 44 සිට 37 දක්වා අඩු වී ඇත. මෙමඟින් වඩා හොඳ ග්ලූකෝස් පාලනයක් සඳහා සමබර ආහාර සංකලනයන්හි ඇති වැදගත්කම මැනවින් පැහැදිලි වෙයි.
සාමාන්‍යයෙන් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණයන් (portion sizes) පදනම් කරගනිමින් මෙම අධ්‍යයනයේදී ග්ලයිසීමික් භාරය (Glycemic Load - GL) ද පරීක්ෂාවට ලක් කළ අතර, එහිදී 16 ත් 19 ත් අතර මධ්‍යස්ථ GL අගයන් වාර්තා විය. මෙයින් හැඟවෙන්නේ මෙම ආහාර මඟින් ශරීරයට අවශ්‍ය ශක්තිය ක්‍රමානුකූලව හා ස්ථාවරව මුදාහරින බැවින්, සමබර ආහාර වේලක කොටසක් ලෙස නිරන්තර පරිභෝජනය සඳහා මේවා බෙහෙවින් සුදුසු බවයි. මෙම සොයා ගැනීම්වලට අනුව, '7 Star' චක්කි ආටා පිටි මඟින් සකස් කරන ආහාරවල පවතින අඩු ග්ලයිසීමික් ප්‍රතිචාරය හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම වඩා හොඳින් පාලනය කිරීමට සහාය වන අතර, සමබර ආහාර වේලක් සමඟ ලබා ගන්නා විට මෙය එදිනෙදා ආහාර සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න තේරීමක් බවට පත් වන බව නිසැකය.
මෙම පර්යේෂණ ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම ප්‍රකාශ කළේ, අපගේ එදිනෙදා ආහාර වේලෙහි දිගුකාලීනව පවතින අංගයක් සඳහා මෙම අධ්‍යයනය මඟින් වැදගත් විද්‍යාත්මක සනාථ කිරීමක් ලබා දී ඇති බවයි. '7 Star' චක්කි ආටා පිටි මඟින් සාදන ආහාර, ශ්‍රී ලාංකික නිවෙස්වලට ප්‍රායෝගික මෙන්ම හුරුපුරුදු තේරීමක් වන අතරම, රුධිරයේ සීනි මට්ටම වඩා හොඳින් පාලනය කිරීමට උපකාරී වන බව මෙයින් මනාව පැහැදිලි වන බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම පර්යේෂණය මඟින් දේශීය පෝෂණ දත්තවල පැවති විශාල අඩුවක් පුරවනු ලබයි. විශේෂයෙන්ම සැබෑ ජීවිතයේ ආහාර පරිභෝජන රටාවන් තුළදී ප්‍රධාන ආහාර රුධිරයේ සීනි මට්ටමට බලපාන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙය උපකාරී වේ. ආටා පිටි ඇසුරින් සකසන ආහාර දෛනික ආහාර වේලට එකතු කර ගැනීම, ස්ථාවර ග්ලූකෝස් ප්‍රතිචාරයක් සඳහා දායක විය හැකි බව තහවුරු කිරීම හරහා, සාම්ප්‍රදායික ආහාර රටාවන්ගෙන් බැහැර නොවී වඩාත් සෞඛ්‍ය සම්පන්න කාබෝහයිඩ්රේට් තේරීම් අපේක්ෂා කරන පාරිභෝගිකයින් සඳහා '7 Star' චක්කි ආටා පිටි යනු විද්‍යාත්මකව තහවුරු කරන ලද විශිෂ්ට විකල්පයකි.
රෝග වළක්වා ගැනීමේ සෞඛ්‍ය පුරුදු සහ පෝෂණය පිළිබඳව සමාජය තුළ දැනුවත්භාවය ඉහළ යමින් පවතින වත්මන් වටපිටාවක, දියවැඩියාව ඇතුළු දිගුකාලීන සෞඛ්‍ය අවදානම් කළමනාකරණය කර ගැනීම සඳහා නිවැරදි ආහාර තේරීම්වල ඇති වැදගත්කම මෙම අධ්‍යයනය මඟින් අවධාරණය කෙරේ. එමෙන්ම විශ්වාසනීය පර්යේෂණවල සහාය ඇතිව එදිනෙදා ප්‍රධාන ආහාරවල වටිනාකම තවදුරටත් ශක්තිමත් කිරීමටද මෙය ඉවහල් වෙයි.


Video Story