Imperial College of Business Studies ආයතනය, බටහිර ස්කොට්ලන්ත විශ්ව විද්‍යාලය (UWS) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය DBA උපාධිය හඳුන්වා දෙයි

    August, 7, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය DBA උපාධි වැඩසටහන සඳහා UWS සමඟ අත්වැල් බැඳගනියි

    ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යපාන ක්ෂේත්‍රයේ  කැපී පෙනෙන නාමයක් ලෙසින් කීර්තියක් අත්කරගනිමින් තිබෙන, Imperial College of Business Studies (ICBS) ආයතනය, ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවතම සන්ධිස්ථානයක් සනිටුහන් කරන සුවිශේෂී උපාධි පාඨමාලාවක් හඳුන්වාදී තිබේ. ඒ, බටහිර ස්කොට්ලන්ත විශ්ව විද්‍යාලය (UWS) සමඟ අත්වැල් බැඳගනිමින්, මෙරට ව්‍යාපාරික පරිපාලන ක්ෂේත්‍රය සඳහා ප්‍රථම වතාවට හඳුන්වාදෙන, බ්‍රිතාන්‍ය ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධි (DBA) වැඩසටහනයි.

    විවිධ ක්ෂේත්‍රයන්හි රැකියාවේ නියුතු ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ  ප්‍රමුඛයින්, ව්‍යවසායකයිකන්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් මෙන්ම, රාජ්‍ය අංශයේ විධායක නිලධාරීන් සඳහාම සුවිශේෂී මෙම DBA උපාධිය, උසස් පර්යේෂණ සහ ප්‍රායෝගික ව්‍යාපාරික යෙදවුම් හා ඒකාබද්ධ කරමින් හඳුන්වාදී ඇත්තේ, ආයතනික අභියෝගවලට සාර්ථකව මුහුණ දීමේ සහ ප්‍රතිපත්ති සඳහා බලපෑම් කළ හැකි වෘත්තිකයින් රටට දායාද කිරීමේ අපේක්ෂාව පෙරදැරිවය.

    Imperial College of Business Studies (ICBS) මගින් ශ්‍රී ලාංකාව තුළ සිදුකෙරෙන අධ්‍යයන කටයුතුවලින් අනතුරුව, බටහිර ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලය මඟින් පිරිනැමෙන මෙම ආචාර්ය උපාධිය හරහා ශ්‍රී ලාංකික විද්වතුන්ට, තම මව් රටෙන් බැහැරට නොගොස්, ජාත්‍යන්තර උපාධියක් හිමිකර ගැනීමට අවස්ථාව  හිමි වේ.

    ICBS සහ UWS අතර ඇති කරගත් මෙම සහයෝගිතාව, එම ආයතන දෙක අතර දැනට පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමකි. ඒ හරහා, ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තරව පිළිගත් උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින්, රටේ පර්යේෂණ පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පරපුරක් ගොඩනැඟීම සඳහා පදනම සකස් කිරීම මූලික අරමුණයි.

    මෙම නව පාඨමාලාව හඳුන්වා දීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Imperial College of Business Studies (ICBS)  අධ්‍යයන අධ්‍යක්ෂ ප්‍රවින් රාජරත්නම් මහතා සඳහන් කළේ මෙසේයි.

    “ශ්‍රී ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ව්‍යාපාර පරිපාලන උපාධි පාඨමාලාව හඳුන්වාදීම තුළින්, මෙරට ව්‍යාපාර, කර්මාන්ත සහ සමස්ත සමාජය සඳහා අර්ථවත් බලපෑමක් ඇති කළ හැකි, පර්යේෂණ මත කටයුතු කරන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් බිහි කරන ජාත්‍යන්තර මට්ටමේ ආචාර්ය උපාධි අධ්‍යාපනයක් ලබාදීමට අපගේ ඇති කැපවීම විදහා දැක්වෙනවා.”

    1985 වසරේදී පිහිටුවන ලද, Imperial College of Business Studies (ICBS) ආයතනය, ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමඟ අත්වැල් බැඳගනිමින් ව්‍යාපාරික අධ්‍යාපනය ලබාදෙන උසස් අධ්‍යාපන ආයතනයකි. ඒ හරහා විවේචනාත්මක චින්තනය, ප්‍රායෝගික විශේෂඥතාව සහ සදාචාරාත්මක නායකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, වෘත්තීය ක්ෂේත්‍රයට ගැළපෙන පරිදි සකස් කරන ලද වැඩසටහන් හරහා ව්‍යාපාරික ලෝකයේ සාර්ථකත්වය උදෙසා සිසුන් සූදානම් කරනු ලබයි.

    Video Story

    Stock Market

    Exchange Rates