යුනියන් බැංකුව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන සඳහා දැනුම බෙදාදීමේ වැඩමුළුවක් පවත්වයි

    August, 13, 2026

    ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනේ (NEDP) තුන්වැනි අදියරට සමගාමීව යුනියන් බැංකුව පසුගියදා සිය ප්‍රධාන කාර්යාලයේදී වැඩමුළුවක් සංවිධාන කළේය.

    උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළුව සමස්ත දිවයිනම නියෝජනය කරමින් අනාගත ව්‍යවසායකයෝ රැසක් මේ සඳහා සහභාගී වූහ. යුනියන් බැංකු කණ්ඩායමක් විසින් මෙහෙයවන ලද එම වැඩමුළුවේදී, වෙළෙඳ සේවා, මුල්‍යකරණය ඇතුළුව ව්‍යාපාර වර්ධනයට සහ තිරසර බවට අත්‍යාවශ්‍ය අදහස් රැසක් එහිදී පිරිනැමිණි.

    Union Bank School of Social Entrepreneurship මගින් සංවිධාන කෙරෙන ප්‍රධානතම වැඩසටහනක්වන NEDP වැඩසටහන, මොරටුව විශ්වවිද්‍යාලය සහ ජාතික නවෝත්පාදන නියෝජිතායතනය (NIA) සමග අත්වැල් බැඳ ගනිමින් දියත් කෙරේ.

     

    සේයා රූ සටහන: යුනියන් බැංකු නියෝජිතයන් සහ NEDP වැඩසටහනට සහභාගී වූ පිරිස ඡායාරූපයකට පෙනී සිටි අයුරු