August, 17, 2026
ශ්‍රී ලංකාවේ ටයර ක්ෂේත්රයේ සියැට් සන්නාමයේ ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරමින්, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කරන ලද 2026 ‘ශ්‍රී ලංකා 100’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය, වෙළෙඳපොළේ ශක්තිමත්ම ටයර් සන්නාමය සහ සියලුම කර්මාන්ත අංශ අතරින් 11 වන ශක්තිමත්ම සන්නාමය ලෙස ශ්‍රේණිගත කර ඇත.
ලොව ප්‍රමුඛතම සන්නාම වටිනාකම් ඇගයීම් ආයතනය වන බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, 2026 ජනවාරි 1 වන දිනට සියැට් සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 2,544ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, එය 2025 වසරේ රුපියල් මිලියන 2,325ක වටිනාකමට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. සමස්ත සන්නාම වටිනාකම් ශ්‍රේණිගත කිරීමේදී සියැට් ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතර 43 වැනි ස්ථානයට පත්ව ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව එක් ස්ථානයක ඉහළ යාමකි.
සියැට් සන්නාමය සන්නාම ශක්ති දර්ශකයෙහි (BSI) ලකුණු 100 න් 80.3 ක අගයක් හිමිකර ගනිමින් ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ටයර් සන්නාමය ලෙස ස්ථානගත වී ඇති අතර, එහි AAA- සන්නාම ශක්ති ශ්‍රේණිගත කිරීම පසුගිය වසරේ මට්ටමම පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම සන්නාම අතරට එක්ව තිබේ.
ගෝලීය මට්ටමින්ද සියැට් හි ශක්තිය තවදුරටත් තහවුරු වී ඇති අතර, 84.9ක BSI අගයක් සමඟ ලොව ශක්තිමත්ම ටයර් සන්නාම අතර සිව්වැනි ස්ථානයට පත්ව තිබේ. මෙය ගෝලීය වෙළෙඳපොළ තුළ සියැට් සන්නාමයේ තරඟකාරීත්වය පෙන්නුම් කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් හි කළමනාකාර අධ්යක්ෂ රවී ඩඩ්ලානි මහතා මෙසේ පැවසීය. “මෙම පිළිගැනීම පාරිභෝගිකයන් සමඟ අප ගොඩනඟාගෙන ඇති ශක්තිමත් සබඳතා සහ සෑම අවස්ථාවකදීම සන්නාමය සංවර්ධනය කිරීම සඳහා අප අනුගමනය කරන විනය පිළිබිඹු කරයි. සන්නාමයක දිගුකාලීන ශක්තිය කෙටි කාලීන ජයග්‍රහණවලින් නොව, උසස් තත්ත්වයේ නිෂ්පාදන, වෙළෙඳපොළ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සහ වේගයෙන් වෙනස්වන පරිසරයක අදාළත්වය පවත්වාගෙන යාම මඟින් ගොඩනැගෙයි. ඉදිරියටත් මෙම මූලිකාංග ශක්තිමත් කරමින් සන්නාමයේ බලපෑම සහ පැතිරීම තවදුරටත් වර්ධනය කිරීම අපගේ අරමුණයි.”
වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ටයර් මිලියන 1.6 කට වඩා අලෙවි කරන සියැට් යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන වෙළඳපොළවල් ඇතුළුව රටවල් 110 කට අධික සංඛ්‍යාවක සිය ගෝලීය පියසටහන පවත්වා ගනිමින්, විවිධ ටයර කාණ්ඩ වල දේශීය වෙළඳපොලේ නායකත්වය අත්කර ගෙන ඇත.
සේයාරු සටහන: සියැට් කැලණි හෝල්ඩින්ග්ස්, බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් සහ Echelon මීඩියා හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ වටිනාම ටයර් සන්නාමය සඳහා වන 2026 සම්මාන ඵලකය පිරිනැමීමේ අවස්ථාවේදී
Video Story