August, 18, 2026
ඇසුරුම් පෙට්ටි (Corrugated carton) නිෂ්පාදනයේ නියුතු මෙරට ප්‍රමුඛ පෙළේ සමාගමක්වන Ex-pack Corrugated Cartons PLC සමාගම, සිය නිෂ්පාදන මෙහෙයුම් කටයුතු අප්‍රිකානු කලාපයට ව්‍යාප්ත කිරීමේ අරමුණින් සැම්බියාවේ නිෂ්පාදන මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා කටයුතු කරන බව නිවේදනය කර සිටී.
මේ අනුව සැම්බියාවේ සිය නිෂ්පාදන මෙහෙයුම් ස්ථාපිත කිරීම සඳහා යෝජිත ආයෝජනය වෙනුවෙන් පසුගිය අගෝස්තු 13 දා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
තවද මෙම යෝජිත විදෙස් ආයෝජනය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූලික අනුමැතිය ද මේ වන විට හිමිව ඇති බව සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත සිදුකර ලද දැනුම් දීමේ සඳහන් වේ.
අදාල ආයෝජනයේ පරිමාව ඇතුළු වැඩිදුර තොරතුරු ඉදිරියේ දී අනාවරණය කිරීමට නියමිත බව Ex-Pack Corrugated Cartons සමාගම වැඩිදුරටත් දන්වා සිටී.
Ex-Pack Corrugated Cartons සමාගම යනු Aberdeen Holdings සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. මීට පෙර Expolanka Investments (පුද්.) සමාගම ලෙස හැඳින්වුණු Aberdeen Holdings සමාගම, පවුල් සමාගමක් ලෙස ආරම්භ වූ, වසර 30 කට අධික ඉතිහාසයක් සහිත, රට තුළ විශාල කීර්තියක් දිනාගත් සමාගමක් වේ.
Aberdeen Holdings පුද්ගලික සමාගමේ අනුබද්ධිත සමාගමක් වන Ex-Pack Corrugated Cartons PLC සමාගම, දේශීය මෙන්ම විදේශීය ඇසුරුම් පෙට්ටි නිෂ්පාදන අවශ්‍යතා ද සපුරාලයි. ISO 9001-2015, ISO 14001-2015, FSC COC, WRAP වැනි සහතික හිමිකරගෙන සිටින සමාගම, NCE අපනයන සම්මාන, CNCI සම්මාන, Lanka Star සම්මාන, NBE සම්මාන, Lanka CSR සම්මාන සහ හරිත සම්මාන ආදියෙන් ද පිදුම් ලබා තිබේ.

Video Story