August, 24, 2026
දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු Rotaract තොරතුරු මධ්‍යස්ථානය වන (South East Asia Rotaract Information Centre Multi District Information Organization – SEARIC MDIO) හි ප්‍රධානතම කලාපීය සමුළුව වන SEARIC Summit, 2026 සැප්තැම්බර් 11 සිට 13 දක්වා ශ්‍රී ලංකාවේ Pegasus Reef Hotel හිදී පැවැත්වීමට නියමිතය. මෙය ශ්‍රී ලංකාවේ පළමු වරට පැවැත්වෙන SEARIC සමුළුව වීම විශේෂත්වයකි.
Rotary International District 3220 (RID 3220) – ශ්‍රී ලංකාව සහ මාලදිවයින විසින් ශ්‍රී ලංකාවේදී සංවිධානය කරන මෙම තෙදින සමුළුව සඳහා රටවල් හයකින් නියෝජිතයන් 500කට අධික පිරිසක් සහභාගී වීමට නියමිත අතර, කලාපීය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් ලෙස මෙය ක්‍රියා කරනු ඇත.
South East Asia Rotaract Information Centre (SEARIC) යනු දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපයේ Rotaract දිස්ත්‍රික්ක එකිනෙක සම්බන්ධ කරමින් සහයෝගීතාව, තොරතුරු හා දැනුම හුවමාරුව, සංස්කෘතික අවබෝධය සහ ඒකාබද්ධ වැඩසටහන් ප්‍රවර්ධනය කරන කලාපීය වේදිකාවකි. වාර්ෂිකව පැවැත්වෙන SEARIC Summit එම ජාලයේ ප්‍රධානතම සමුළුව වන අතර, කලාපයේ Rotaractors සහ Rotarians එකම වේදිකාවකට එක් කරමින් දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට, සහෝදරත්වය ගොඩනගා ගැනීමට සහ සාමූහිකව වර්ධනය වීමට අවස්ථාව සලසයි.
මෙවර සමුළුවේ තේමාව “The Role of Technology in the Future of Careers and Service” හෙවත් “වෘත්තීන් සහ සමාජ සේවයේ අනාගතය සඳහා තාක්ෂණයේ භූමිකාව” යන්නයි. තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ කර්මාන්ත, රැකියා ක්ෂේත්‍ර සහ සේවා ක්‍රමවේද වෙනස් වෙමින් පවතින පසුබිමක, තාක්ෂණය අනාගත රැකියා ලෝකයට සූදානම් වීමට මෙන්ම ප්‍රජාවන්ට සේවය කරන ආකාරය වඩාත් ශක්තිමත් කිරීමට භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙම සමුළුවේදී අවධානය යොමු කෙරේ.
දින තුනක් පුරා පැවැත්වෙන සමුළුව තුළ නායකත්ව සහ වෘත්තීය සංවර්ධන සැසි, සාකච්ඡා, සංස්කෘතික වැඩසටහන්, ජාලගත වීමේ අවස්ථා සහ ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට නියමිතය.
Rotaract ව්‍යාපාරයට පමණක් සීමා නොවී, මෙම සමුළුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සමුළු, තරුණ නායකත්ව වැඩසටහන් සහ කලාපීය සහයෝගීතා සඳහා සුදුසු ගමනාන්තයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටද අවස්ථාවක් සලසයි. ජාත්‍යන්තර නියෝජිතයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීම හරහා ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය, සංස්කෘතිය සහ අනාගත ජාත්‍යන්තර සමුළු සඳහා සත්කාරකත්වය දැරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමටද මෙය වැදගත් අවස්ථාවකි. එමෙන්ම, දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපයේ තරුණ නායකයන්ට ශ්‍රී ලංකාවේ තරුණ නායකයන් සමඟ සම්බන්ධ වීමට, අදහස් සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙන්ම දේශසීමා ඉක්මවා යන අනාගත සහයෝගීතා සඳහා අවස්ථා සොයා බැලීමටද මෙම සමුළුව වේදිකාවක් සපයයි.
නියෝජිතයන් 500කට අධික පිරිසක් ශ්‍රී ලංකාවේදී එක්වන SEARIC Summit Sri Lanka 2026, තරුණ නායකත්වය, තාක්ෂණය, වෘත්තීය සංවර්ධනය සහ ප්‍රජා සේවය සම්බන්ධයෙන් කලාපීය වශයෙන් වැදගත් වේදිකාවක් බවට පත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ Rotaract ව්‍යාපාරය සඳහා මෙම සමුළුව තවත් එක් ජාත්‍යන්තර වැඩසටහනකට වඩා වැඩි වැදගත්කමක් දරයි. දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු කලාපයේ තරුණ සහයෝගීතාවයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන ඒමටත්, කලාපය පුරා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනාගතය පිළිබඳ වැදගත් සංවාද සඳහා තරුණ පරපුරට නායකත්වය ලබාදිය හැකි බව පෙන්වා දීමටත් මෙය සුවිශේෂී අවස්ථාවකි.
අනුග්‍රාහකත්වයන් සහ හවුල්කාරිත්වයන් පිලිබඳ විමසීම්
SEARIC Summit Sri Lanka 2026 සඳහා අනුග්‍රාහකත්ව, හවුල්කාරීත්වයන් සහ ඒ ආශ්‍රිත විමසීම් සඳහා Rtr. Haneef Mohamed අමතන්න.
විද්‍යුත් තැපෑල: haneef.rotaract3220@gmail.com
දුරකථන: +94 77 044 7021
Image Caption: (වමේ සිට දකුණට: ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන Rotaract දිස්ත්රික් නියෝජිත – PHF Rtn. Rtr. PP ආචාර්ය ජූඩ් ලුෂන්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි ගමනාන්ත කළමනාකරණ අංශයේ ප්රධාන විධායක නිලධාරී – නාලක අමරතුංග මහතා, SEARIC සමුළුව 2026 සභාපති – PDRR අකිල විජේතුංග, ශ්රී ලංකාව සහ මාලදිවයින සඳහා වන රොටරි දිස්ත්රික් 3220 ආණ්ඩුකාර – Rtn. කුමාර් සුන්දරරාජ්)
Video Story