August, 25, 2026
යුනියන් බැංකුව, Satyn Women-Friendly Workplace Awards 2026 සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා හිතකාමී සේවා ස්ථාන 20 අතරට තේරී පත්විය.
මෙම ඇගයීම, කාන්තාවන්ට නායකත්වය දැරීමට, වෘත්තීයමය වර්ධනයක් අත්කර ගැනීමට සහ තම සම්පූර්ණ හැකියාවන් ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසන, විවිධත්වය සහ සමානාත්මතාව අගයන සේවා පරිසරයක් ගොඩනැගීමට යුනියන් බැංකුව දක්වන අඛණ්ඩ කැපවීම යළිත් තහවුරු කරයි.
ඡායාරූපය: (වමේ සිට දකුණට) යුනියන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී - අලෙවිකරණ නිලුෂා වනසිංහ, Satyn සඟරාවේ නිර්මාතෘ සහ කර්තෘ නයෝමිණි වීරසූරිය, විනිශ්චය මණ්ඩලයේ සභාපති ආචාර්ය සමන්ත රත්නායක, යුනියන් බැංකුවේ ප්‍රධාන කළමනාකාරිනී - මානව සම්පත් දේවනි කෝනාර, සහ යුනියන් බැංකුවේ උප සභාපතිනි - අලෙවිකරණ, තිෂානි දිසානායක යන මහත්මීන්.
Video Story