September, 3, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම පසුගියදා සිය 45 වැනි සංවත්සරය අභිමානයෙන් සැමරීය. පසුගිය දශක හතර හමාරක කාලය තුළ එම සමාගම මූල්‍ය විශේෂඥභාවය ඔස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබා දී තිබේ. මෙම සංවත්සරය, ශක්තිමත් සම්බන්ධතා සහ යහපත් ආයතනික පාලන ක්‍රමවේද ඔස්සේ පුද්ගලයන් හා ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා නව්‍ය මූල්‍ය විසඳුම් ලබා දීමට කැප වුණු විශ්වාසනීය මූල්‍ය සහකරුවෙකු ලෙස සමාගම අත්කරගෙන ඇති දීර්ඝකාලීන සාර්ථකත්වය පිළිබිඹු කරන තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි.
1981 වසරේදී ආරම්භ වූ ජනශක්ති ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ දීර්ඝතම ඉතිහාසයක් සහිත බලපත්‍රලාභී මූල්‍ය සමාගම් අතරින් එකකි. පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය, මෙහෙයුම් විනය සහ වෙළෙඳපොළේ වෙනස් වන තත්වයන්ට හොඳින් අනුගත වීමේ හැකියාව සම්බන්ධයෙන් එම සමාගම සුවිශාල කීර්තියක් දිනා ඇත. සිය මව් සමාගම වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි ශක්තියෙන් පන්නරය ලබමින් එම සමාගම දිවයින පුරා පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට සවිමත් අත්වැලක් වී තිබේ.
පසුගිය වසර 45ක කාලය තුළ ජනශක්ති ෆිනෑන්ස් සමාගම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සමගාමීව පරිණාමය වෙමින්, මතුවෙමින් පවතින මූල්‍යමය අවශ්‍යතාවන්ට සරිලන පරිදි සිය නිෂ්පාදන, සේවා සහ පාරිභෝගික අත්දැකීම් අඛණ්ඩව වැඩිදියුණු කර තිබේ. මූල්‍ය සේවා එකතුව සහ ආවරණ පරාසය පුළුල් කිරීම ඔස්සේ සමාගම ශ්‍රී ලාංකිකයන් දස දහස් ගණනකට තම පෞද්ගලික සහ ව්‍යාපාරික ඉලක්ක ළඟා කරගැනීමට සහය වී ඇත.
ජනශක්ති ෆිනෑන්ස් හි සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ විශ්වාසය, විශිෂ්ට සේවා සම්පාදනය, පාරිභෝගික අවශ්‍යතා පිළිබඳ ගැඹුරු අවබෝධය සහ දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනංවා ගැනීමේ හැකියාව යනාදී සාධකයි. 2025 වසරේදී ඔරියන්ට් ෆිනෑන්ස් පී.එල්.සී. (Orient Finance PLC) නාමය ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. බවට පත්වීමෙන් අනතුරුව, සමාගම සම්බන්ධයෙන් පවතින පාරිභෝගික ආකල්ප වඩාත් යහපත් වී ඇති බව සන්නාම අධ්‍යයන මගින් හෙළි වී තිබේ. එමෙන්ම සමාගම සම්බන්ධයෙන් ඉහළ පාරිභෝගික තෘප්ති මට්ටමක් සහ ශක්තිමත් Net Promoter Score (NPS) අගයක් ද වාර්තා වී ඇත. මෙය පාරිභෝගිකයන් ආයතනය කෙරෙහි තබා ඇති විශ්වාසය සහ අර්ථවත් මූල්‍ය අත්දැකීම් ලබා දීමට සමාගම සතු හැකියාව තවදුරටත් තහවුරු කරයි.
මෙම සාර්ථකත්වය හේතුවෙන් සම්මාන සහ ඇගයීම් රැසකින් පිදුම් ලැබීමටද සමාගම සමත් වී ඇත. 2024 සහ 2025 වසරවලදී CA Sri Lanka TAGS සම්මාන උළෙලේදී, 2024 වසරේ IFFSA සම්මාන උළෙලේදී සහ 2025 වසරේ 10 වැනි International Islamic Finance Forum South Asia (IFFSA) සම්මාන උළෙලේදී මෙන්ම, SLIBFI Awards 2024, CMA Excellence in Integrated Reporting Awards 2025, SLIM DIGIS 2.5 Awards 2025, Effie Awards Sri Lanka 2025 සහ Best Management Practices Company Awards 2025 යන සම්මාන උළෙලවලදී ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සම්මාන හිමි කරගෙන තිබේ. සමාගම සිය ආයතනික පාලන ක්‍රමවේද, ඒකාබද්ධ වාර්තාකරණය, අලෙවිකරණ කාර්යක්ෂමතාව, ඩිජිටල් සම්බන්ධතාව, මූල්‍ය අන්තර්කරණය සහ වගකීම් සහගත ව්‍යාපාරික ක්‍රියාකාරකම් ඇතුළු අංශ සම්බන්ධයෙන් අත්කරගෙන ඇති ප්‍රගතියට මෙම සම්මාන සියල්ල සාක්ෂි දරයි.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා මෙසේ පැවසීය: “45 වන සංවත්සරය යනු අපගේ සමාගමේ ශක්තිය, අපගේ පාර්ශ්වකරුවන් අප කෙරෙහි තැබූ විශ්වාසය සහ වෙනස් වන ආර්ථික පරිසරයන් තුළ වටිනාකම් නිර්මාණය කිරීමට අප සතු හැකියාව පිළිබිඹු කරන සුවිශේෂී ජයග්‍රහණයක්. වසර ගණනාවක් පුරා, ඉහළම මට්ටමේ ආයතනික පාලන ප්‍රමිතීන්, මූල්‍ය විනය සහ වගකීම් සහගත වර්ධනයක් පවත්වා ගනිමින්, පාරිභෝගික-කේන්ද්‍රීය චින්තනයක් ඔස්සේ තීරණය ගනිමින්, ක්ෂේත්‍රය තුළ අප සතු ස්ථානය දිගින් දිගටම ශක්තිමත් කරගැනීමට අපට හැකි වුණා. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් වඩාත් යහපත් අනාගතයක් වෙත පියනඟමින් සිටින මේ මොහොතේ, ජාතික සංවර්ධනයට දායක වන කාර්යක්ෂම හා ඵලදායී මූල්‍ය විසඳුම් හරහා පුද්ගලයන්, ව්‍යවසායකයන් සහ ව්‍යාපාර සඳහා අඛණ්ඩව අත්වැලක් වීමට අප සූදානම්.”
සමාගමේ අනාගත දිශානතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය: “අපගේ 45 වැනි සංවත්සර සැමරුම, පරම්පරා ගණනාවක් පුරා අපගේ පාරිභෝගිකයන් සහ පාර්ශ්වකරුවන් අප කෙරෙහි රැඳවූ විශ්වාසයේ පිළිබිඹුවක්. වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීමට, විශිෂ්ට සේවාවක් ලබා දීමට සහ සැබැවින්ම ඵලදායී මූල්‍ය විසඳුම් පිරිනැමීමට අප සතු හැකියාව මෙම සාර්ථකත්වයේ පදනමයි. අපගේ පාරිභෝගික සම්බන්ධතා, සන්නාමය අලුත් වීම සහ පාරිභෝගික සමීක්ෂණ තුළින් පිළිබිඹු වන ජනතා විශ්වාසය, ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී හි ශක්තිය තවදුරටත් තහවුරු කරනවා. ඉදිරියටත් රට පුරා පුද්ගලයන්ටත් ව්‍යාපාරවලටත් දියුණුව කරා යාමට උපකාරී වන සුවිශේෂී මූල්‍ය විසඳුම් ලබා දෙන අතරම, අපගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමටත්, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට දායක වීමටත්, නවෝත්පාදනය වැඩි වැඩියෙන් භාවිතයට ගැනීමටත්, ඒ සියල්ල ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමටත් අඛණ්ඩව කැපවීමට අප සූදානම්.”
පුද්ගලයන්, ව්‍යවසායකයන් සහ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම ප්‍රමාණවත් තරම් මූල්‍ය සේවාවන් නොලබන ජන කණ්ඩායම් වෙතටද මූල්‍ය විසඳුම් පිරිනමමින්, රටේ මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීම ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී සමාගමේ අරමුණයි. ව්‍යාපාර වර්ධනයට සහාය වීම, ජීවනෝපායන් සවිබල ගැන්වීම සහ මූල්‍ය ප්‍රගතියට අත්වැලක් වීම තුළින්, රටත් ජනතාවත් ආර්ථිකයත් ශක්තිමත් කිරීම සඳහා සමාගම දිගින් දිගටම දායක වෙමින් සිටී.
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී සිය වර්ධනයේ මීළඟ අදියරට පිවිසෙන මේ මොහොතේ, “සුවිශේෂී මූල්‍ය විසඳුම් සපයන ප්‍රමුඛතම සමාගමක් බවට පත් වීම” (“To be a leading provider of unique Financial Solutions) යන දැක්ම සමාගමට ඉදිරියටත් මඟපෙන්වනු ඇත. වසර 45ක් පුරා පවත්වාගත් විශ්වාසය, අභියෝග ජයගැනීමේ හැකියාව සහ විශේෂඥ මූල්‍ය දැනුම මත පදනම්ව, නවෝත්පාදනය, විශිෂ්ට සේවා සම්පාදනය සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් ඔස්සේ වර්තමාන සහ අනාගත ශ්‍රී ලාංකිකයන්ගේ අභිලාෂයන් යථාර්ථයක් බවට පත්කරන අර්ථවත් මූල්‍ය අත්දැකීම් නිර්මාණය කිරීම සමාගමේ අරමුණ වී තිබේ.
ඡායාරූපය - ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා
Video Story