September, 4, 2026
මෙරට නිවාස නව්‍යකරණයේ, ගුණාත්මකභාවයේ සහ පාරිභෝගික විශ්වාසයේ ඉහළම ඇගයීම හිමිකර ගැනීමට Samsung Sri Lanka පසුගියදා සමත් වූයේ Superbrands ඇගයීම හිමිකර ගනිමිනි. ඒ අනුව පසුගියදා නිමාව දුටු 2025 Superbrands Sri Lanka’s Choice සම්මාන උළෙලේදී ‘ගෘහ උපකරණ‘ අංශය යටතේ නිල වශයෙන් මෙම පිළිගැනීම තමන් සතු කර ගැනීමට Samsung Sri Lanka සමාගමට හැකියාව උදා විය.
මෙම පිළිගැනීම තුලින් ප්‍රදර්ශනය වන්නේ වසර ගණනාවක් පුරා Samsung සමාගම මෙරට පාරිභෝගිකයන් සමඟ ගොඩනඟා ගත් ශක්තිමත් සබඳතාවය සහ එදිනෙදා ජීවිතයට ප්‍රායෝගික වටිනාකමක් එක් කරන තාක්ෂණයන් වෙනුවෙන් දක්වන අඛණ්ඩ කැපවීමයි.ගෘහ උපකරණ සහ රූපවාහිනී යන්ත්‍රවල සිට එකිනෙකට සම්බන්ධ කළ හැකි අතිනවීන උපාංග දක්වා පාරිභෝගිකයන්ගේ වෙනස් වන ජීවන රටාවන් සහ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සිය නිෂ්පාදන අඛණ්ඩව යාවත්කාලීන කිරීමට Samsung පියවර ගෙන ඇත.
Samsung සමාගමට 2025 Superbrands Sri Lanka’s Choice සම්මානය යනු හුදෙක් එක් ඇගයීමක් හෝ සම්මානයක් පමණක් නොව මෙරට පාරිභෝගිකයන් සමාගම කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසයත්, නිවාස තුළ එදිනෙදා වැඩකටයුතු පහසු කිරීම සඳහා Samsung තාක්ෂණය ඉටුකරන සුවිශේෂී මෙහෙවරත් නිල වශයෙන් ඇගයීමට ලක්කිරීමක් ලෙසද පෙන්වා දිය හැකිය.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් Samsung Sri Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “Superbrands ඇගයීමෙන් පිදුම් ලැබීම Samsung සමාගම ලැබූ සුවිශේෂී ගෞරවයක් ලෙස සැලකිය හැකියි. එය වසර ගණනාවක් පුරා අප අපගේ පාරිභෝගිකයන් සමඟ ගොඩනඟා ගත් නොසැලෙන විශ්වාසය, පක්ෂපාතීත්වය සහ ශක්තිමත් සබඳතාවය මෙම පිළිගැනීම තුලින් මනාව පිළිබිඹු වනවා. තාක්ෂණික නවෝත්පාදනයන් මඟින් ජන ජීවිතය වඩාත් යහපත්, සරල සහ අර්ථවත් කළ යුතු බව Samsung නිරන්තරයෙන් විශ්වාස කරනවා. අපගේ රූපවාහිනී යන්ත්‍ර, ජංගම දුරකථන, ගෘහ උපකරණ හෝ එකිනෙකට සම්බන්ධ කළ හැකි අතිනවීන පද්ධති තුලින් මිනිසුන් එදිනෙදා ජීවිතයේදී වඩාත් කැමති සහ විශ්වාස කරන තාක්ෂණයන් ලබාදීම කෙරෙහි අපගේ අවධානය යොමුව තිබෙනවා. පාරිභෝගිකයන්ගේ වෙනස් වන ජීවන රටාවන් සහ අවශ්‍යතා සමඟ Samsung සන්නාමය අඛණ්ඩව ඉදිරියට යන ආකාරය මෙයින් පැහැදිලි වෙනවා. මෙම සාර්ථකත්වය අපගේ පාරිභෝගිකයන්, අලෙවි හවුල්කරුවන් සහ සෑම දිනකම තිරය පිටුපස සිට දැඩි කැපවීමෙන් කටයුතු කරන අපගේ කාර්ය මණ්ඩලයේ සහාය නොමැතිව කිසිසේත්ම මෙම ජයග්‍රහණය අත්පත් කරගත නොහැකියි. මෙම සාර්ථක ගමනේ කොටස්කරුවන් වූ සියලු දෙනාට මේ මොහොතේ මගේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිනවා.” යනුවෙනි.
Samsung සමාගම නවීන නිවාසවලට ගැළපෙන අයුරින් සැලසුම් කළ නිෂ්පාදන හරහා සිය ගෘහ උපකරණ එකතුව අඛණ්ඩව වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇත. එහි ඇති ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, වායුසමීකරණ සහ අනෙකුත් ගෘහස්ත විසඳුම්, එදිනෙදා වැඩකටයුතු පහසු කිරීම සඳහාම විශේෂයෙන්ම නිපදවා ඇති ප්‍රායෝගික තාක්ෂණයන්ගෙන් සමන්විත වේ. මීට අමතරව, එකිනෙකට සම්බන්ධ ජීවන රටාවක් උරුම කර දීම Samsung හි සුවිශේෂී සාධකයක් බවට පත්ව තිබේ. SmartThings තාක්ෂණය හරහා, එකිනෙකට ගැළපෙන ගෘහ උපකරණ, රූපවාහිනී යන්ත්‍ර සහ ස්මාර්ට් උපාංග සියල්ලම එකම පද්ධතියක් ඔස්සේ සම්බන්ධ කර කළමනාකරණය කළ හැකි වීම මෙහි විශේෂත්වයයි. මේ නිසා පාරිභෝගිකයන්ට තමන්ගේ නිවසේ උපාංග දුරස්ථව පාලනය කිරීමටත්, දෛනික ජීවිතයේ ඇතැම් වැඩකටයුතු ස්වයංක්‍රීය කිරීමටත් අවස්ථාව ලැබෙන බැවින් ඉහළ පහසුවක් සැලසේ.
තාක්ෂණික නවෝත්පාදනවලට අමතරව, Samsung සමාගම නිෂ්පාදනවල විශ්වසනීයත්වය කෙරෙහිද දැඩි අවධානයක් යොමු කර ඇති අතර ඒ නිසාම ඩිජිටල් ඉන්වර්ටර් මෝටර් සහ කොම්ප්‍රෙසර් සඳහා ලබාදෙන වසර 10ක දීර්ඝකාලීන වගකීම එම උපකරණවල පවතින කල්පැවැත්ම සහ ඉහළ ක්‍රියාකාරීත්වය පිළිබඳව සමාගම සතු නොසැලෙන විශ්වාසය මනාව පිළිබිඹු කරනු ලබයි.
මෙම Superbrands ඇගයීම දිනා ගැනීමට Samsung සමත් වූයේ ශ්‍රී ලංකාව තුළ සිය පාරිභෝගික ඉලෙක්ට්‍රොනික ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කරමින් පවතින වකවානුවක වීමද විශේෂත්වයකි.
ගෝලීය වශයෙන් අඛණ්ඩව පිට පිට වසර 20ක් පුරා ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස සිය අද්විතීය ස්ථානය ස්ථාවරව තහවුරු කර ගැනීමට සමත්ව ඇති Samsung සුවිශේෂී ගෝලීය තාක්ෂණික දියුණුවත් සමඟින්, අතිනවීන Crystal UHD, Neo QLED සහ ආකර්ෂණීය The Frame TV යන නවතම රූපවාහිනී මාදිලීන් රැසක් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ටද උදා කර දී ඇත.
දිවයින පුරා විහිදී ඇති අලෙවි සහ පාරිභෝගික සේවා ජාලය සමඟින් පාරිභෝගිකයින් වෙත සුවිසල් සේවාවක් සැලසීමට කටයුතු කර ඇති Samsung හි සියලුු නිෂ්පාදන Singer, Singhagiri, Damro සහ Softlogic වෙතින් වගකීමක් යටතේ මිලදී ගත හැකිය. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙසෙන පාරිභෝගිකයන්ට Samsung නිෂ්පාදන ඉතාමත් පහසුවෙන් මිලදී ගැනීමට මෙන්ම, අලෙවියෙන් පසු ලැබෙන විශිෂ්ට සේවා සහාය සහ ඉහළ වගකීම විශ්වාසයෙන් යුතුව ලබා ගැනීමටද හැකි වනු ඇත.
මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකු සමඟ ඇති කරගත් ශක්තිමත් සහයෝගීතාවය හරහා පිරිනමනු ලබන නම්‍යශීලී සහ සහනදායී වාරික ගෙවීමේ ක්‍රමයන් යටතේ Samsung හි අතිනවීන තාක්ෂණික නිෂ්පාදන මෙරට පාරිභෝගිකයන්ට පහසුවෙන් තමන් සතු කර ගැනීමට හැකිය. ජාත්‍යන්තර තත්වයේ නවෝත්පාදනයන්, දේශීය වෙළෙඳපොළ තුළ ඇති ඉහළ සැපයුම සහ අඛණ්ඩව සැපයෙන පාරිභෝගික සේවා සහායද ඔවුන්ට තවත් සුවිසල් අස්වැසිල්ලක් වනු නිසැකය.
Video Story