SDB බැංකුව තිරසාර අනාගතයක් වෙනුවෙන් ජනතාව සහ ප්‍රජාවන් සවිබල ගන්වමින් 29 වසරක ගමන්මඟ සනිටුහන් කරයි

    September, 22, 2026

    SDB බැංකුව ශ්‍රී ලංකාව පුරා ජනතාව සවිබල ගන්වමින් සහ සියලු දෙනාටම ප්‍රතිලාභ සැලසෙන ආර්ථික හා ප්‍රජා සංවර්ධනයකට දායක වෙමින්, දශක තුනකට ආසන්න සිය මෙහෙවර සනිටුහන් කරමින් 29 වැනි සංවත්සරය පසුගියදා සමරන ලදී.

    "තිරසාර අනාගතයක් වෙනුවෙන් දහස් සංඛ්‍යාත දෑත් සවිබල ගැන්වූ 29 වසරක්" යන තේමාව යටතේ පැවැති මෙම සංවත්සරයේදී මෙම බැංකුවේ ගමන්මඟට ශක්තියක් වූ ගනුදෙනුකරුවන්, ව්‍යවසායකයන්, සමූපකාර සේවකයන් සහ ප්‍රජාවන් ඇගයීමට ලක් විය. තවද මූල්‍ය අවස්ථා නිර්මාණය කරමින් තිරසාර ප්‍රගතිය උදෙසා බැංකුව දක්වන ලද දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

    SDB බැංකුවේ සංවත්සර සැමරුම සර්ව ආගමික වතාවත් සමඟින් ආරම්භ වූ අතර, සේවකයින් සහ පාර්ශව කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම අවස්ථාව බැංකුවේ වසර 29ක මෙහෙවර සිහිපත් කිරීමටත්, මෙරට විවිධ ප්‍රජාවන්ගේ එකමුතුකම සහ විවිධත්වය අගය කිරීමටත් අවස්ථාව උදා විය.

    බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයන් වෙනුවෙන් විශේෂ ඇගයීම් උත්සවයක් ද සංවිධානය කර තිබූ අතර, ඔවුන්ගේ අඛණ්ඩ කැපවීම සහ බැංකුවේ ප්‍රගතිය උදෙසා දක්වන ලද දායකත්වය අගයමින් ඔවුන් වෙත රන් කාසි පිරිනැමීමට ද SDB බැංකුව කටයුතු කළේය.

    සංවත්සරය සැමරීම ආයතනය තුළට පමණක් සීමා නොකරමින්, SDB බැංකුවේ සුබසාධක සංගමය විසින් සැප්තැම්බර් මාසයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලද අතර ජාතික වැදගත්කමකින් යුතු මෙම උතුම් මෙහෙවර සඳහා සේවකයන් සහ බාහිර සහභාගිවන්නන් දිරිගැන්වීම මෙහි අරමුණ විය.

    දිවයින පුරා පිහිටි SDB බැංකු ශාඛා ද ශාඛා මට්ටමින් විවිධ සැමරුම් වැඩසටහන් සංවිධානය කරමින් මෙම සුවිශේෂී අවස්ථාව සමරන ලදී. එම වැඩසටහන් හරහා සේවකයින්ට ගනුදෙනුකරුවන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් සමඟ වඩාත් සමීපව සම්බන්ධ වීමට අවස්ථා නිර්මාණය විය.

    සංවත්සරයේ තිරසරභාවය පිළිබඳ අවධානය තවදුරටත් ශක්තිමත් කරමින්, බදුල්ල ප්‍රදේශයේ මී මැසි පාලනය ආශ්‍රිත ව්‍යවසායකත්ව සංවර්ධන ව්‍යාපෘතියක් ද SDB බැංකුව විසින් ආරම්භ කර ඇත. ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා තිරසර ජීවනෝපාය අවස්ථා නිර්මාණය කිරීම සහ පරිසර හිතකාමී ආදායම් මාර්ග දිරිගැන්වීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වේ.

    මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දැක්වූ SDB බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා මෙසේ පැවසීය.

    "මෙම සංවත්සර සැමරුම SDB බැංකුවේ වසර 29ක ගමන්මඟට දායක වූ ජනතාව, ගනුදෙනුකරුවන් සහ ප්‍රජාවන්ගේ සාමූහික දායකත්වය ඇගයීමට ලක් කරන අවස්ථාවකි. ඉදිරියටත් ජනතාව සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය දිරිගැන්වීම සහ තිරසර අනාගතයක් සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීම අපගේ අරමුණයි."

    SDB බැංකුවේ 29 වැනි වසර සනිටුහන් කරන මෙම අවස්ථාවේදී, සේවකයින්, ගනුදෙනුකරුවන්, ව්‍යවසායකයින්, හවුල්කරුවන් සහ ප්‍රජාවන්ගේ විශ්වාසය හා සහයෝගය සමඟින්, අර්ථවත් ආර්ථික වර්ධනයක් සහ තිරසර සංවර්ධනයක් උදෙසා සිය මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරයි.