September, 22, 2026
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවශ්‍ය පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025-04-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 08ක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වන, ජර්මනියේ Muhlbauer ID Services GmbH වෙත පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05ක් මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුව යුරෝ මිලියන 4.93ක මුදලකට පිරිනැමීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story