October, 8, 2026
ශ්‍රී ලංකාව තුළ සිය සබඳතා තවදුරටත් පුළුල් කරමින් දින 3ක විශේෂ මිල දීමනා වැඩසටහනක් හඳුන්වා දෙයි
වියට්ජෙට් සමාගම වෙතින් 2026 ඔක්තෝබර් 08 සිට 10 දක්වා දින 03ක් පුරා ක්‍රියාත්මක වන විශේෂ දීමනා වැඩසටහනක් ආරම්භ කර තිබේ. මෙම දීමනාව හරහා කොළඹ – හෝ චි මිං නගරය නව ගුවන් ගමන් සේවාව සඳහා වියට්ජෙට් ගුවන් සමාගම විසින් හඳුන්වා දුන් ‘Eco’ ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 90 සිට (සියලු බදු හා ගාස්තු ඇතුළුව) සහ Deluxe පන්තියේ මූලික ගාස්තු සඳහා 20% ක වට්ටමක් හිමිවනු ඇත. ජාත්‍යන්තර ගුවන් ජාලය තවදුරටත් පුළුල් කරමින් ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත හෝ චී මින් - මාලදිවයින නව ගුවන් සේවාවට සමගාමීව ක්‍රියාත්මක වන අතර මෙම නව ගුවන් සේවාව මගින් ශ්‍රී ලාංකික සංචාරකයන්ට ද මාලේ (Malé) වෙත යාම සඳහා අවස්ථාව හිමිවේ.
ඒ අනුව 2026 ඔක්තෝබර් 08 සිට 2026 ඔක්තෝබර් 10 වන දින රාත්‍රී 21:30 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන්) මෙම විශේෂ දීමනාව ක්‍රියාත්මක වන අතර මෙම කාල සීමාව තුළ www.vietjetair.com වෙබ් අඩවිය සහ "Vietjet Air" වියට්ජෙට් එයාර් ජංගම යෙදවුම හරහා කොළඹ - හෝ චී මින් ගුවන් ගමන් වෙන්කරවා ගැනීමේ දී සංචාරකයින්ට මෙම විශේෂ මිල දීමනාව ලබා ගත හැකි ය. තවද, 2026 ඔක්තෝබර් 8 සිට 2027 සැප්තැම්බර් 30 දක්වා කාල සීමාව තුළ සිදුකරන සංචාර සඳහා වියට්ජෙට් ගුවන් ජාලයේ අනෙකුත් ජාත්‍යන්තර සහ වියට්නාම අභ්‍යන්තර ගුවන් මාර්ග සඳහා ද මෙම දීමනාව අදාළ වේ.
දකුණු ආසියානු කලාපය තුළ සිය මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින්, වියට්ජෙට් සමාගම 2026 දෙසැම්බර් 5 වැනිදා කොළඹ - හෝ චී මින් නගරය සහ මාලදිවයින අතර නව ගුවන් සේවාවක් ආරම්භ කිරීමට නියමිතව තිබේ. එමඟින් ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තුළ කොළඹ සතු කාර්යභාරය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත. මෙම නව ගුවන් සේවාව සතියකට දින තුනක්, එනම් අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල ආපසු පැමිණීම ඇතුළත් ගුවන් ගමන් (Round-trip flights) වාර තුනක් සහිතව ක්‍රියාත්මක වේ. මේ හරහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් මාලේ (Malé) වෙත ළඟා වීමටත් ජාත්‍යන්තර සංචාරකයින්ට ශ්‍රී ලංකාව, මාලදිවයින සහ වියට්නාමය යන රටවල් එකම සංචාරයකින් ආවරණය කිරීමටත් අවස්ථාව හිමි වේ. මෙම නව ගුවන් සේවාව ද වත්මන් දීමනා වැඩසටහනට ඇතුළත් කර ඇති අතර, ඒ සඳහා වෙන්කරවා ගැනීම් මේ වන විට විවෘතව පවතී.
ඊට අමතරව, වියට්ජෙට් සමාගම 2026 ඔක්තෝබර් 10 වන දින හැනොයි (Hanoi), සිට අල්මාටි (කසකස්ථානය) සහ හැනොයි (Hanoi) සිට ප්‍රාග් (චෙක් ජනරජය) දක්වා වූ නව ගුවන් මාර්ග ආරම්භ කරමින්, මධ්‍යම ආසියාව සහ යුරෝපය වෙත සිය ගුවන් ජාලය තවදුරටත් පියවර ගෙන තිබේ. මෙම මාසයේ අවසානයේ දී හෝ චී මින් සංකීර්ණය, පිලිපීනයේ ක්ලාක් (Clark) සහ තායිලන්තයේ චියැං මායි (Chiang Mai) සමඟ සම්බන්ධ කරමින් තවත් ගුවන් සේවාවන් දෙකක් ද ආරම්භ කිරීමට නියමිතව තිබේ. මෙම නව ගුවන් මාර්ග හඳුන්වාදීමත් සමඟ, නම්‍යශීලී ගුවන් ගමන් කාලසටහන් සහ සහනදායි ගාස්තු යටතේ ඓතිහාසික යුරෝපීය නගර මෙන්ම ආසියා-පැසිෆික් කලාපයේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත රැසකට පහසුවෙන් ගමන් කිරීමට සංචාරකයින්ට අවස්ථාව සැලසේ.
වියට්ජෙට්හි, අඩු ඉන්ධන පරිභෝජනයක් සහිත ගුවන් යානා , වඩාත් සහනදායි පාරිභෝගික සේවාවන් සහ ගුවන් සේවාව සදහා එක්වන මගීන්ට ගුවන් සේවයේ සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් පිරිනමනු ලබන වියට්නාමයේ ජනප්‍රිය ආහාර වර්ග වන 'ෆෝ' (Pho) , 'බාන් මී' (Banh Mi) සහ වියට්නාම අයිස් මිල්ක් කොෆී (Vietnamese iced milk coffee) ඇතුළු උණුසුම් මෙන්ම රසවත් ආහාර වේලක් රසවිඳිය හැකි අතර පොළොවේ සිට මීටර් 10,000ක් පමණ ඉහළ අහසේ දී සංස්කෘතික හා විනෝදාස්වාද වැඩසටහන් මගීන් වෙත සමීප කරමින්, සෑම ගුවන් ගමනකටම අමතක නොවන සංචාරක අත්දැකීමක් එක් කරයි.

Video Story