ඔබේ මුදල් ආරක්ෂා කරගන්න. Quantum AI Limited සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින්න – SEC අනතුරු අඟවයි

    October, 8, 2026

    Quantum AI Limited නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ සුරැකුම්පත් වෙළඳාම, ආයෝජන සේවා හෝ වෙනත් නියාමනය කරන ලද ප්‍රාග්ධන වෙළඳපොළ කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) විසින් බලපත්‍ර ලබා දී, ලියාපදිංචි කර හෝ අනුමත කර නොමැති බව නිල අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සුරැකුම්පත් කොමිසම අවධාරණය කර සිටී.

    එබැවින්, Quantum AI Limited ආයතනය හරහා මුදල් තැන්පත් කිරීම, ආයෝජනය කිරීම හෝ කිසිදු වෙළඳ හෝ ආයෝජන කටයුත්තක නිරත නොවන ලෙස සුරැකුම්පත් කොමිසම මහජනතාවට දැඩි ලෙස අවවාද කරයි.

    මූල්‍ය වංචාවලින් ආරක්ෂා වීම සඳහා, ආයෝජනය කිරීමට පෙර යම් ආයතනයක් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් නිසි පරිදි බලපත්‍ර ලබා ඇත්දැයි තහවුරු කරගන්නා ලෙස SEC වැඩිදුරටත් සඳහන් කරයි.