October, 9, 2026
ශ්‍රී ලංකාවේ ඉහළ මූල්‍ය ශක්තියක් ඇති ගනුදෙනුකරුවන් උදෙසාම දියත් කරන ලද ‘Prestige’ බැංකුකරණ ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ කොමර්ෂල් බැංකුව, විශේෂයෙන් සකස් කළ විශිෂ්ට බැංකු අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් වූ බැංකුවේ කැපවීම යළිත් වරක් තහවුරු කර තිබේ.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව ලෙස තම උපරිම හැකියාවන් සහ ධාරිතාවය එක්ව නිර්මාණය කෙරුනු මෙම මුලපිරීම මගින් විශේෂ මූල්‍ය සේවාවන් ලබා දීමේ නව නිර්ණායකයක් පිහිටුවන බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ මෙම ‘Prestige’ වැඩසටහනෙන් ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරික සහ වත්කම වර්ධනය උදෙසාම විශේෂයෙන් නිර්මාණය කරන ලද පරිපූර්ණ සේවා පද්ධතියකි. එමගින් ඔවුන් සඳාහාම විශේෂයෙන් සැකසූ බැංකු හා මූල්‍ය සේවා, උපායමාර්ගික ධනය හා ආයෝජන කළමනාකරණය, විශේෂඥ උපදේශන සේවා, මනාව හැඩගස්වන ලද ජීවන රටා වරප්‍රසාද සහ අර්ථවත් ප්‍රතිලාභ යන සියල්ල සමඟින් ගනුදෙනුකරුවන්ව පුද්ගලික බැංකුකරණ සේවා ඉහළ මානයකට ගෙනයාමට අපේක්ෂා කරයි.
කොමර්ෂල් බැංකුවේ දැනට පවතින පුද්ගලික බැංකුකරණ සන්නාමය වන ‘Elite’ වැඩසටහන පරිවර්තනය කර ස්තර තුනකින් සමන්විත ව්‍යුහගත වැඩසටහනක් බවට පත්කර ඉදිරිපත් කරන මෙම නව ‘Prestige’ වැඩසටහන, ගනුදෙනුකරුවන්ගේ වඩාත් සංකීර්ණ නව මූල්‍ය, ධනය හා ජීවන රටා අවශ්‍යතා වෙනුවෙන් ම විශේෂයෙන් නිර්මාණය කරන ලද්දකි.
කොළඹ 07, ආර්. ජී. සේනානායක මාවතේ පිහිටි බැංකුවේ ප්‍රධාන ‘Prestige’ බැංකුකරණ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් දියත් වන මෙම නව්‍ය බැංකුකරණ අත්දැකීම බාධාවකින් තොරව ශ්‍රී ලංකාව පුරා විහිදි ගනුදෙනුකරුවන් වෙත ලඟා කරවීමට, නව පෙනුමකින් යුක්තව, දිවයින පුරා ආර්ථික වශයෙන් වැදගත් ප්‍රධාන නගර වෙත ද ව්‍යාප්ත කරන බව බැංකුව ප්‍රකාශ කලේය.
Prestige හි ව්‍යුහයේ ඉහළින් ම ප්‍රමඛ පෙලේ ඉහළ මූල්‍ය ශක්තියක් සහිත ගනුදෙනුකරුවන් සඳහා වෙන්කර ඇති Diamond ස්ථරය සහ Sapphire සහ Ruby ස්තර වලින් මෙම සේවාව සමන්විත වේ. මෙම ස්තර තුනේ ව්‍යුහය මගින් ඉතා උසස් මට්ටමේ සේවාවන් බලාපොරොත්තු වන පිරිසට අදාල සුවිශේෂීතාවය එම මට්ටමේ පවත්වා ගනිමින්, එක් එක් සේවාදායකයාගේ බැංකු සම්බන්ධතාවය හා වත්කම්වලට වඩාත් ම ගැලපෙන ලෙස වරප්‍රසාද හැඩගැස්වීමට හැකි වන බව බැංකුව පවසයි.
ප්‍රධාන ප්‍රතිලාභ වර්ග පහක් මත ගොඩනගා ඇති Prestige ප්‍රමුඛ බැංකුකරණය ජීවන රටා වරප්‍රසාද සහ ත්‍යාගවලට වඩා බොහෝ සෙයින් ඔබ්බට යන ඒකාබද්ධ අත්දැකීමක් නිර්මාණය කරයි. Prestige ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ බැංකුව සමඟ වඩාත් පරිපූර්ණ සම්බන්ධතාවයක් ලබා දීම සඳහා මෙම ප්‍රතිලාභ නිර්මාණය කර ඇති අතර ඒ තුලින් එදිනෙදා බැංකුකරණය සහ ආයෝජන තීරණ පමණක් නොව වත්කම් සංරක්ෂණය, උරුම සැලසුම්කරණය, පවුල් අවශ්‍යතා, ව්‍යාපාරික අවශ්‍යතා සහ තෝරාගත් ජීවන රටා වලට අදාල යන අවශ්‍යතා ද ඇතුළත් වන බව බැංකුව පවසයි.
ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව විසින් ප්‍රකාශයට පත් කරන ලද ලොව කීර්තිමත් බැංකු 1000 ශ්‍රේණිගත කිරීම්වල 2026 සංස්කරණයේ ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත විය. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.
දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 270කට අධික සංඛ්‍යාවක් සහ පුළුල් ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 21 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

සේයාරු සටහන: (ඉහළ) කොමර්ෂල් බැංකුවේ ‘Prestige Banking’ සේවාව හඳුන්වා දීමේ අවස්ථාවේදී, බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සමඟ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හස්රත් මුනසිංහ මහතා; සහ (පහළ) කොළඹ 07, ආර්.ජී. සේනානායක මාවතේ පිහිටි, නව මුහුණුවරකින් යුතුව ප්‍රතිසංස්කරණය කරන ලද කොමර්ෂල් බැංකු ‘Prestige Banking’ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාව.
Video Story