Dialog Finance සහ Softlogic Retail හවුල්කාරීත්වයෙන් Lesi Pay හරහා පහසු මිලට ස්මාර්ට් උපකරණ

    October, 13, 2026

    Dialog Finance හි වේගවත් ඩිජිටල් මූල්‍ය විසඳුම් සහ Softlogic හි ශක්තිමත් වෙළඳ ජාලය එක්ව, Lesi Pay මඟින් ස්මාර්ට් උපකරණ පහසු හා දැරිය හැකි මිලකට ලබාදීමේ නව සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර ඇත.

    මෙමඟින් Softlogic ප්‍රදර්ශනාගාර ජාලය ඔස්සේ ඕනෑම ස්මාර්ට් උපකරණයක්, Lesi Pay හරහා ඩිජිටල් ක්‍රමයට පහසුවෙන් මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ. ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය ස්මාර්ට් උපකරණ දැරිය හැකි මිලකට සහ පහසු ගෙවීමේ ක්‍රමයට ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.

    පාරිභෝගිකයන්ට Dialog Pay app එක හරහා සුදුසුකම් පරීක්ෂා කර, අදාළ Softlogic ප්‍රදර්ශනාගාරයකින් භාණ්ඩ මිලදී ගැනීම ආරම්භ කළ හැකියි. වේගවත් ඩිජිටල් ක්‍රියාවලියත්, ප්‍රදර්ශනාගාරයේ විශ්වාසනීය සේවාවත් එකට එක්කරමින් මූල්‍ය පහසුකම් ලබාගැනීමේ සිට ස්මාර්ට් උපකරණය මිලදී ගැනීම දක්වා ඉතා සරල මෙන්ම පහසු අත්දැකීමක් මෙමඟින් පාරිභෝගිකයාට හිමිවේ.

    සුදුසුකම් ලත් පාරිභෝගිකයන්ට credit card හෝ ඇපකරුවන් නොමැතිව,  අවම මූලික ගෙවීමකින් මාස 18ක් දක්වා වූ පහසු ගෙවීමේ ක්‍රමයට ස්මාර්ට් උපකරණ ලබාගැනීමේ හැකියාව Lesi Pay හරහා හිමිවේ. ලියකියවිලි රහිත පූර්ණ ඩිජිටල් ක්‍රියාවලිය වඩා ඉක්මන් සේවාවක් සපයයි.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින්, Dialog Axiata හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනි රේණුකා ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවසීය, "අද වෙන ‌කොට අධ්‍යාපනයට, රැකියාවට, මූල්‍ය කටයුතුවලට වගේම ඩිජිටල් ලෝකයත් එක්ක ඉදිරියට යන්න ස්මාට් ජංගම දුරකථනයක් කියන්නේ නැතුවම බැරි දෙයක්. Softlogic Retail සමඟ අපේ හවුල්කාරීත්වය, පාරිභෝගිකයාට පහසු සහ දැරිය හැකි මුදලකට දුරකථනයක් මිලදීගැනීමේ අවස්ථාව සැලසීමේ මූලික පියවරක්. Lesi Pay හරහා, ඩිජිටල් තාක්ෂණය වගේම විශ්වාසනීය වෙළඳසැල් ජාලය එකට එක් කරලා වැඩි ශ්‍රී ලාංකිකයන් පිරිසකට ස්මාර්ට් උපකරණ මිලදී ගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුමක් අපි ලබාදෙනවා."

    Softlogic ප්‍රදර්ශනාගාර ජාලය පුරා Lesi Pay පහසුකම ව්‍යාප්ත කිරීමෙන්, එකම වහලක් යටින් ස්මාර්ට් උපකරණ මෙන්ම අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවේ. එමෙන්ම, මූල්‍ය සේවා සහ වෙළඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එක්ව නවීන තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයන්ට වඩාත් සමීප සේවාවක් සැපයීමට ගන්නා උත්සාහයද මෙමඟින් මනාව පිළිඹිබු වේ.

    මෙම පියවර පිළිබඳව අදහස් දක්වමින් Softlogic Holdings හි විධායක අධ්‍යක්ෂ රංජන් පෙරේරා මහතා මෙසේ පැවසීය, "පාරිභෝගිකයාට නවීන සහ උසස්ම තත්ත්වයේ තාක්ෂණික වෙළඳ අත්දැකීමක් ලබාදෙන්න Softlogic අපි සෑම විටම කැප වෙලා ඉන්නවා. Dialog Finance සමඟ එක්ව Lesi Pay හරහා ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ස්මාර්ට් දුරකථන මිලදී ගන්න පාරිභෝගිකයන්ට දැන් අපි අවස්ථාව උදාකරලා දීලා තියෙනවා."

    අධ්‍යාපනික, වෘත්තීය සහ මූල්‍ය කටයුතු සදහා ස්මාර්ට් දුරකථන භාවිතය අතිශය වැදගත් වන පසුබිමක ස්මාර්ට් උපකරණ මිලදී ගැනීමේ මූල්‍ය බර ලිහිල් කරමින්, ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකයට දායක වීමට වැඩි පිරිසකට අවස්ථාව සැලසීම Dialog Finance සහ Softlogic Retail හි ප්‍රධාන අරමුණයි.

    Softlogic Max ඇතුළු Softlogic ප්‍රදර්ශනාගාර සහ Dialog Finance අනුමත දිවයින පුරා පිහිටි ජාලය හරහා Lesi Pay පහසුකම ලබාගත හැකියි. Dialog Pay app එක download කර සුදුසුකම් පරීක්ෂා කිරීමෙන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකියි.

     

    ඡායාරූපයේ දැක්වෙන්නේ (වමේ සිට දකුණට): රවි තිලකවර්ධන (Dialog Finance හි නෛතික හා නියාමන ප්‍රධානී සහ සමාගම් ලේකම්), රවින්දු ධර්මසිරි (Dialog Finance හි පාරිභෝගික ණය පහසුකම් නිෂ්පාදන කළමනාකාර), අචල රත්නායක (Dialog Finance හි Corporate Finance ප්‍රධානී), චතුරිකා පෙරේරා (Dialog Finance හි ණය අවදානම් සහ අයකිරීම් ප්‍රධානී), සංදේශ් කමලනාදන් (Dialog Finance හි පාරිභෝගික ණය පහසුකම් ප්‍රධානී), නසීම් මොහොමඩ් (Dialog Finance හි විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී), රේණුකා ප්‍රනාන්දු (Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිනි), රංජන් පෙරේරා (Softlogic Holdings PLC හි විධායක අධ්‍යක්ෂ), ලක්මාලි කහඳවලගේ (Softlogic Holdings PLC හි අලෙවි සහ ව්‍යාපාරික හවුල්කාර මෙහෙයුම් අධ්‍යක්ෂ), සුරංග සිල්වා (Softlogic Retail (Pvt) Ltd හි මූල්‍ය ප්‍රධානී), රුවන් අත්තනායක (Softlogic Retail (Pvt) Ltd හි ව්‍යාපාර සංවර්ධන සහකාර සාමාන්‍යාධිකාරී), චතුර චින්තක (Softlogic Retail (Pvt) Ltd හි ICT නිෂ්පාදන කළමනාකාර)