October, 14, 2026
ශ්රී ලංකාවේ ජපාන තනාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද "Wadaiko Daigen-gumi" බෙර වාදන ප්රසංගයේ නිල ගුවන් සේවා සහකරු ලෙස එක්වෙමින්, ජපානයේ "Ota Ward" හි වෘත්තීය ජපන් බෙර වාදකයින් පස්දෙනෙකු ශ්රී ලංකාව වෙත කැඳවාගෙන ඒමට ශ්රීලංකන් ගුවන් සේවය කටයුතු කළේය. ටෝකියෝ සිට කොළඹ දක්වා UL455 ගුවන් යානයෙන් පැමිණි ඔවුන්, කලාකරුවන් පමණක් නොව ජපන් තායිකෝ (Taiko) බෙර සහ සාම්ප්රදායික "KOTO" ඇතුළු වාද්ය භාණ්ඩ ද රැගෙන ආහ. එම භාණ්ඩ බොහොමයක් විශාල ප්රමාණයේ ගමන් මලු (oversized baggage) ලෙස ආරක්ෂිතව දිවයිනට රැගෙන ඒම සිදු විය. දැඩි සැලකිල්ල, නිවැරදිභාවය සහ වෘත්තීයභාවය පෙරදැරි කරගනිමින්, ශ්රීලංකන් ගුවන් සේවය මෙම කලාකරුවන් සහ ඔවුන්ගේ අගනා වාද්ය භාණ්ඩ සුරක්ෂිතව ප්රවාහනය කිරීම තහවුරු කළ අතර, එය ගුවන් සේවයේ කැපවීම සහ ප්රවීණතාවය මනාව පිළිඹිබු කරයි.
2026 ඔක්තෝබර් 07 වන දින මොරටුව විශ්වවිද්යාලයේදී සහ ඔක්තෝබර් 08 වන දින පේරාදෙණිය විශ්වවිද්යාලයේදී "Wadaiko Daigen-gumi" කණ්ඩායම විසින් ජපන් බෙර වාදනයේ මිහිරි රසය ශ්රී ලාංකේය ප්රේක්ෂකයින් වෙත සමීප කරවමින් ජපානයේ සාම්ප්රදායික සංගීත රිද්මය ජීවමාන කරන ලදී. ශ්රීලංකන් ගුවන් සේවයට මෙය නරීතා (Narita) සහ කොළඹ ගමනාන්තයන් යා කරන සංචාරයකට එහා ගිය සංස්කෘතිය, සබඳතාවය සහ පොදු අත්දැකීම් යා කළ ගමනක් විය. ගමනාන්තයන් එකිනෙක යා කරමින්, මිනිසුන් එකිනෙකාට සමීප කරමින්, සංස්කෘතීන් රැගෙන යමින් සහ විවිධ කතාන්දර ලොව පුරා ගෙනයාමට සහාය වීම ශ්රීලංකන් ගුවන් සේවය සමඟ යන සෑම ගමනක්ම සැබවින්ම අර්ථවත් කරයි.




Video Story