October, 15, 2026
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් "සංචාරක ක්ෂේත්රයේ අනාගතය උදෙසා AI මෙහෙයවන නවෝත්පාදන" තේමාව යටතේ සංවිධානය කරන ලද Tourism Start-Up Competition 2026 තරගාවලියේදී, වාණිජ අංශයේ ආගන්තුක සත්කාරක ක්ෂේත්රය වෙනුවෙන් පිරිනැමෙන විශිෂ්ටතම ව්යවසායක විසඳුම (Best Enterprise-Centric Solution - Commercial Category, Hospitality Industry) සඳහා වන සම්මානය දිනා ගැනීමට Thineth Software Solutions සමාගම සමත් විය. මෙම ඇගයීම මගින්, හෝටල් අමුත්තන්ට කාමර වෙන්කරවා ගැනීම් සහ කෑම බීම ඇණවුම් පහසුකම් සලසන ඩිජිටල් කොන්සියර්ජ් පද්ධතියක් වන Hotel E-Shop සහ ආයතනික කාර්ය ප්රවාහයන් මෙන්ම සේවක කාර්යයන් කළමනාකරණය කරන E-Task App හි සුවිශේෂී සාර්ථකත්වය තහවුරු වේ. මෙම පද්ධති ද්විත්වය එක්ව ආයතනික මෙහෙයුම් විධිමත් කරමින්, සේවා ප්රමාදයන් අවම කර හෝටල් ක්ෂේත්රයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මනා පිටුවහලක් සපයයි.
තවද, ශ්රී ලංකා AI සතිය 2026 (Sri Lanka AI Week 2026) අතරතුර පැවැත්වුණු ජාතික AI සම්මාන උළෙලේදී (National AI Awards) සම්මානයට පාත්ර වෙමින් Thineth Software Solutions සිය තාක්ෂණික නායකත්වය තවදුරටත් තහවුරු කළේය. පැය 24 පුරා ක්රියාත්මක ස්වයංක්රීය බහුභාෂා පාරිභෝගික සන්නිවේදනය සහ බුද්ධිමත් කාර්ය සාධන ලුහුබැඳීම සපයන ඔවුන්ගේ ප්රමුඛතම පාරිභෝගික කළමනාකරණ වේදිකාව වන Thinexa AI එහිදී විශේෂ ඇගයීමට ලක් විය. සාම්ප්රදායික චැට්බොට් (Chatbot) සංකල්පයෙන් ඔබ්බට යමින්, Thinexa AI ස්වයංක්රීය ඩිජිටල් සේවකයින් (Virtual Employees) හඳුන්වා දෙයි. ඒ යටතේ මෙහෙයුම් කටයුතු හා කාර්ය මණ්ඩලයේ වගකීම් අධීක්ෂණය කරන AI Manager සහ මූල්ය විසංවාද පරීක්ෂාව හා ගිණුම් සංසන්දන කටයුතු ස්වයංක්රීයව සිදු කරන AI Accountant වැනි සුවිශේෂී ඩිජිටල් නියෝජිතයන් ක්රියාත්මක වේ.
විශේෂයෙන්ම, Thinexa AI තාක්ෂණය මගින් Thinacal ERP පද්ධතිය බලගන්වයි. මෙම Thinacal ERP පද්ධතියට Thinac Accounting, Sales Force Automation (SFA), Factory and Production Management, Point of Sale (POS), සහ Institute Management Systems වැනි විවිධ ක්ෂේත්ර සඳහා වූ සුවිශේෂී මොඩියුලයන් ඇතුළත් වේ. AI මගින් මෙහෙයවෙන ස්වයංක්රීය දත්ත ඇතුළත් කිරීම් (AI-driven automated data entry) සහ රටා හඳුනාගැනීමේ (pattern recognition) තාක්ෂණය ඔස්සේ අතින් දත්ත ඇතුළත් කිරීමේ අවශ්යතාව නැති කරමින්, මිනිස් අතපසුවීම් අවම කිරීමටත්, මුදල් ගලායාමේ අක්රමිකතා සහ ව්යාපාරික ප්රවණතා කල්තියා හඳුනා ගැනීමටත් මෙමගින් ආයතනවලට අවස්ථාව හිමි වේ.
සමාගමේ නිර්මාතෘ කොටස්කරුවන් වන ආචාර්ය M.B.M. රමීෂ්, පුබුදු දසනායක සහ දිනිදු ප්රභාත් යන මහත්වරුන් විසින් මෙම සම්මාන වේදිකාව මතදී ලබා ගන්නා ලදී. මෙම ජයග්රහණ මගින් සංචාරක, ආගන්තුක සත්කාර සහ ආයතනික ක්ෂේත්රයන්හි ඩිජිටල් පරිවර්තනය සහ ප්රායෝගික AI භාවිතය ඉදිරියට ගෙන යාමට Thineth Software Solutions සමාගම සතු කැපවීම මනාව පැහැදිලි වේ. විදේශ විනිමය අප දේශයට ඉතා උවමනා මොහොතක මෘදුකාංග අපනයනය ඊට කදිම විසඳුමක් වන අතර, ජාතික මට්ටමේ ඇගයීම් ඔස්සේ තවත් නව නිර්මාණ බිහිකිරීමට ලැබෙන ශක්තිය අතිමහත්ය.
අනාගතය දෙස බලමින්, සමාගම සිය නිෂ්පාදන කලාපීය සහ ජාත්යන්තර වෙළඳපොළ වෙත ව්යාප්ත කිරීම කඩිනම් කර ඇත. දේශීයව නිර්මාණය කළ ප්රමිතිගත AI නවෝත්පාදන සහ Cloud තාක්ෂණය හරහා ඉහළ විදේශ විනිමයක් රටට උපයා දෙමින්, ශ්රී ලාංකීය තාක්ෂණයට ගෝලීය ඩිජිටල් පරිවර්තනය සාර්ථකව මෙහෙයවිය හැකි බව තහවුරු කිරීම Thineth Software Solutions සමාගමේ ඉදිරි ඉලක්කයයි.

Video Story