December, 1, 2016
විගමනික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින්, ශ්‍රී ලාංකික ගෘහ සේවකයින් හා අනෙකුත් සේවකයින් මැලේසියාවේ රැකියාවන් සඳහා බඳවා ගැනීම සහ සේවයේ නියුක්ත කරවීම සම්බන්ධයෙන් පහසුකම් සැලසීම සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.
පසුව ඉදිරිපත් වූ සංශෝධනද ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති එම අවබෝධතා ගිවිසුම මැලේසියාවේ මානව සම්පත් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව මෙවර කැබිනට් හමුවේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story