April, 27, 2014
පාසිකුඩා හි, පිහිටා තිබෙන කාමර 126 ක සෙන්ටාරා හෝටලයේ පාලිත කොටස් ප්‍රමාණය ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් නායකත්වය දෙන සමාගමක් විසින් මිලදීගෙන තිබෙන බව ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.
ජාත්‍යන්තර කීර්තියක් උසුලන සෙන්ටාරා හෝටල් ජාලයට අයත් සෙන්ටාරා පාසිකුඩා රිසෝර්ට් ඇන්ඩ් ස්පා පිහිටා තිබෙන්නේ පාසිකුඩා බොක්ක ආසන්නයේ මුහුදු වෙරළේයි.
නොගැඹුරු මෙම මුහුදු තීරය පිහිනීම සහ ජල ක්‍රීඩා සඳහා කදිම ස්ථානයකි. ඉන්දියන් සාගරයේ හොඳම ගල්පර පද්ධතියක් ඇති ස්ථානයක් ලෙසද මෙම ප්‍රදේශය ප්‍රසිද්ධය.
Video Story