කොටස් වෙළෙඳපොළ ඒකක 80කින් පහළට

    July, 30, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (30) දිනයේ දී වාර්තා විය.

    දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 80.43කින් හා S&P SL20 දර්ශකය ඒකක 15.37ක පහළ යාමක් වාර්තා කළ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්හකය ඒකක 21,148.71ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 5,946.03ක් ලෙසත් ඒ අනුව වාර්තා විය.

    දිනය තුළ පිරිවැටුම රු. බිලියන 1.09ක් ලෙසින් වාර්තා වී තිබුණි.