April, 28, 2014
පවතින ආර්ථික වර්ධනය සැලකිල්ලට ගනිමින් ෆිච් ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණය ස්ථාවර ඉදිරි දැක්මක් සහිතව BB- ලෙස සහතික කර තිබේ.
කෙසේවෙතත්, ෆිච් පවසා තිබෙන්නේ අනිකුත් සමාන රටවල් සමග සැසඳීමේදී ලංකාවේ රාජ්‍ය ණය සහ විදේශීය ණය ඉතාමත් ඉහළ තත්ත්වයක තිබෙන බවයි.
මෙම ණය වර්ගීකරණය ලබාදීම සඳහා උද්ධමනය සියයට 4.2 ක් ලෙසත්, ණය වර්ධනය සියයට 4.4 ක් ලෙසත් අඩු අගයක තිබීම හේතුවී තිබෙන අතර ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 6.7 ක සිට 2013 දී සියයට 3.9 ක් දක්වා අඩුවී තිබේ.
2014 වසරේදී බාහිර ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 3.2 ක් දක්වා තවදුරටත් අඩුවනු ඇතැයි ෆිච් වැඩිදුරටත් පුරෝකතනය කර ඇති අතර විදේශීය සෘජු ආයෝජන මගින් පියවා ගන්නේ ජංගම ගිණුමේ හිඟයෙන් සුළු ප්‍රමාණයක් බව සඳහන් කර තිබේ.
මේ අතර, BB ණය ශ්‍රේණි ලබා තිබෙන අනිකුත් රටවලට සාපේක්ෂව ලංකාවේ ශුද්ධ ණය ලබාගැනීම් තුන් ගුණයක් පමණ වැඩියැයි සඳහන්ය.
Video Story