June, 8, 2014
ලෝකයේ භයානකම පන්දු යවන්නෙකු ලෙසින් සැලකෙන 39 හැවිරිදි පාකිස්තානයේ ෂොයිබ් අක්තාර් ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන රූබබ් නැමති 17 හැවිරිදි සුරූපිණිය සමග විවාහ වීමට යනබව වාර්තා වේ.
මේ මාසයේදී පැවැත්වීමට නියමිත මෙම විවාහ උත්සවය පිළිබඳ ලෝකයාගේ අවධානය යොමුවී තිබෙන අතර රූබබ්ගේ පියා පාකිස්තානයේ හරිපූර්හි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන මුෂ්ටාක් ඛාන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.